කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් මහා දේවල් ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතා පවසා සිටියේ, ඊයේ (12) සිට දේවාලය වසා දැමු බවයි.
කිසිදු බැතිමතෙකුට මළුවට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පවසයි.
දේවාලය තුළ සිටින කපු මහත්වරු පමණක් දෙවියන්ට පුද පුජා පවත්වන බවත් පැවසු ප්‍රධාන කපු මහතා, පවතින කොවිඩ් තත්ත්වය පාලනය වන තුරු සියලු බැතිමතුන් දේවාල භූමියට පැමිණීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් කරයි.
මහා දේවාලයෙන් අහඹු ලෙස ලබාගත් පීසීආර් පරීක්ෂණ පහෙන් තුනක් එලෙස ආසාදිත බවට තහවුරු වී තිබේ.