හෙට දින ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට අනුර කුමාර දිසානායක, රිෂාඩ් බදුර්දීන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන් නියෝජනය කරන පක්ෂ තීන්දු කර ඇත.
නමුත් සමගි ජන බලවේගය සහ නිදහස් ජනතා සන්ධානය එම රැස්වීම වර්ජනය කිරීමට දැනටමත් තීන්දු කොට තිබේ.
මීට අමතරව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාද හෙට රැස්වීමට සහභාගී වන්නේ නැත.
හෙට ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වීමට නියමිතය.










