පදියතලාව ජනහමුවට සහභාගිවීමට යන අතරතුරදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පදියතලාව ජාතික පාසල අසල රැඳී සිටි සිසු දරු දැරියන් සහ ගුරුවරුන් හමුවිය.
ඔහුගේ ඉල්ලීම වූයේ ජාතික පාසලක් වුව ද දුෂ්කරතා රැසක් මධ්‍යයේ පවත්වාගෙන යන සිය පාසල ගොඩ නැංවීමටත්,සිය පාසලේ ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු වැනි අවශ්‍යතාවයන් බහුල හෙයින් බස් රථයක් ලබා දෙන ලෙසත්ය.
ඔවුන්ගේ ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා මැතිවරණ සමයෙන් පසු ඔවුන්ගේ ඉල්ලීම් අනිවාර්යෙන්ම ඉටු කරන බවට සහතික විය.


















