2021 අයි.පී.එල්. තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් පිලේ අධ්‍යක්ෂවරයා ලෙස ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කර පත් කිරීමට එම කණ්ඩායමේහිමිකරුව්න පියවර ගෙන ඇත.
එමෙන්ම එළැඹෙන 2021 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ එක් එක් කණ්ඩායම් සිය සංචිතයෙන් රඳවා තබා ගන්නා හා ඉවත් කරන ක්‍රීඩකයින් මේ වනවිට ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් පිල නියෝජනය කළ ඉසුරු උදානත්, මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කළ ලසිත් මාලිංගවත් එම කණ්ඩායමෙන් නිදහස් කරන ලදි.
ඒ අනුව නැවත ඔවුන්ට වෙන්දේසියේදී කිසියම් කණ්ඩායමක් මිලදී ගන්නා තෙක් බලා සිටීමට සිදුවෙයි










