අවුරුදු 70ක් තිස්සේ හරක් ටිකක් එකතු වී මේ රට විනාශ කළ බව ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග පැවසීය.
ජනප්‍රිය නාළිකාවක රියැලිටි තරගයක විනිසුරුවරයකු වශයෙන් සහභාගී වෙමින් සිටියදී ශිහාන් මේ බව සදහන් කර සිටියේය.
වත්මන් ක්‍රමය දැඩිව විවේචනය කළ ශිහාන් නව පරම්පරාවට ඇති එකම විකල්පය විදේශගත වීම බව කියා සිටියේය.
එදා සිට මේ රට දියුණු වෙමින් පවතින රටක් බව ඉගැන්වූ බව කී ශිහාන් එය වැරදි බවත්, ලංකාව දියුණු නොවන රටක් ලෙස වෙනස් කළ යුතු බවත් කියා සිටියේය.










