නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ ශ්‍රීලනිප යෝජනාව ඊයේ (26) ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කමිටුව වෙත බාරදී තිබේ.
මෙහිදී ද්විත්ව පුරවැසියන්ට රජයේ කිසිදු තනතුරක් ලබා නොදීම පිළිබඳව වන යෝජනාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බවට ඔවුන් යෝජනා කොට තිබේ.
ද්විත්ව පුරවැසියන්ට ජනපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ රාජ්‍ය ආයතන සහ ජනපති කොමිසම්වල සාමාජිකත්වය ඇතුළු කිසිදු තනතුරක් ලබා නොදෙන ලෙස ශ්‍රීලනීපය සිය යෝජනා වලට ඇතුළත් කොට තිබෙන බවද දැනගන්නට ඇත.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වූ ශ්‍රීලනිප යෝජනා සකස් කිරීමේ කමිටුව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව 2020 අගෝස්තු මාසයේදී පත්කර තිබේ.