• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශ්‍රාමිකයන් හයලක්ෂ පනස්දහසක් වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුවේ කතා කරයි (VIDEO)

March 9, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
විශ්‍රාමිකයන් හයලක්ෂ පනස්දහසක් වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුවේ කතා කරයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් හයලක්ෂ පනස් දහසක් දෙනාගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ අද(09) අසනු ලැබූ ප්‍රශ්නය මෙසේය.

ගරු කථානායකතුමනි,

තම ජීවිතයේ හොඳම කාලය, රජයේ සේවය සහ රට වෙනුවෙන් කැපකොට, රාජ්‍ය සේවයෙන් ඉසිඹුලත් විශ්‍රාමිකයින් අද වන විට බරපතල වැටුප් විෂමතාවයකට මුහුණ පා සිටිනවා. හය ලක්ෂ පනස්දහසකට අධික වන, මෙම ජ්‍යොෂ්ඨ පුරවැසි පිරිසට හිමි විය යුතු නිසි විශ්‍රාම වැටුප නොලැබෙන තත්ත්වයක් මේ වන විට උදා වී තිබෙනවා.
පසුගිය රජය බලයට පත්වීමත් සමගම, ඉතිහාසයේ පෙර නොවු විරූ පරිදි රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීම් සිදු කළ අතර, එය සමස්තයක් ලෙස ගත් කළ 107% ක වැටුප් වැඩි වීමකි. ඒ සමගම 2016/01/01 දිනට පෙර විශ්‍රාම ලබා සිටි රජයේ සියලුම විශ්‍රාමිකයන්ගේ, වැටුප් විෂමතාවයන් ඉවත් කරමින් 6/2006 වැටුප් තලයන් අනුව විශ්‍රාම වැටුප ගලපා තිබෙනවා. මෙය සමස්තයක් ලෙස 48% ක පමණ විශ්‍රාම වැටුප් වැඩිවීමකි.

ගරු කථානායකතුමනි,

මීට අමතරව, 2016/01/01 දිනෙන් පසුව විශ්‍රාම ලද විශ්‍රාමිකයින් වෙනුවෙන්, 2020/01/01 දිනට රජයේ නිළධාරීන්ට ලබා දෙන වැටුප් හා සමපාත කරමින් නැවත විශ්‍රාම වැටුප් සංශෝධනයක් සිදු කරන බවට ඒ වෙනුවෙන් නිකුත් කරන ලද 3/2016 චක්‍රලේඛයේ 5.2 වගන්තියේ දක්වා තිබෙනවා. 3/2016 චක්‍රලේඛයෙන් පොරොන්දු වූ පරිදිම, 2020 ට අදාලව විශ්‍රාම වැටුප් ගැලපීම සඳහා 35/2019 චක්‍රලේඛය පසුගිය රජය විසින් නිකුත් කල ද, මෙම රජය බලයට පත් වූ වහාම 35/2019(1) චක්‍රලේඛය මගින් එය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

මෙම ක්‍රියාව නිසා පසුගිය රජය මගින් විශ්‍රාමිකයාගේ ගරුත්වය රකිමින් ලබා දීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප් වැඩිවීම අහිමි කර ඇති අතර, එමගින් දැඩි වැටුප් විෂමතාවයක් විශ්‍රාමිකයින් අතර ඇති කර තිබෙනවා.

මෙය ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා පහත ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

  1. අද දින විශ්‍රාම වැටුප් ලබන රජයේ නිලධාරියෙකු සහ, ඒ හා සමාන තනතුරක් දරමින් 2016/01/01 සිට 2020/01/01 දක්වා කාලය අතරතුර විශ්‍රාම ලද නිළධාරියෙකුගේ විශ්‍රාම වැටුප් අතර විෂමතාවයක් පවතින බව රජය පිළිගන්නේ ද? එසේනම් 2016/01/01 දිනට පසු විශ්‍රාම ලද පිරිසගේ විශ්‍රාම වැටුප 2020/01/01 රාජ්‍ය සේවයේ වැටුප් අනුව ගැලපීමට රජය කටයුතු කරනු ලබන්නේ ද? එසේනම් ඒ සඳහා මේ වන විට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? නොඑසේනම් ඊට හේතු කවරේද?
  2. පසුගිය රජය විසින් විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමට නිකුත් කරන ලද 35/2019 චක්‍රලේඛය අත්හිටුවීමට මෙම රජය කටයුතු කර ඇති බව පිළිගන්නේ ද? එසේනම් ඒ සඳහා බලපා ඇති හේතු කවරේද?
  3. දැනට විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව කොපමණද? ඒ අතුරින් වැටුප් විෂමතාවය නිසා අසාධාරණයට ලක්ව ඇති විශ්‍රාමිකයින් සංඛ්‍යාව කොපමණද? සමස්ත විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රජය විසින් වැය කරනු ලබන මුළු මුදල කොපමණද? විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා වාර්ෂිකව වැයවන මුදල කොපමණද? එම වැයවන මුදල ලබා දීමට රජයට නොහැකි වන්නේ ද? එසේනම් ඒ මන්ද?
  4. දිගින් දිගටම විශ්‍රාම වැටුප් විෂමතා ඇතිවීම මත, විශ්‍රාමිකයින් අපහසුතාවයට පත් කිරීම නවතාලීමට රජය සතුව ස්ථිරසාර වැඩපිළිවෙලක් තිබේද? එසේ නම් ඒ කුමක්ද?
  5. රජයේ විශ්‍රාම වැටුපක් මගින් ආවරණය වන සංඛ්‍යාව රටේ සමස්ත වැඩිහිටි ජනගහනයෙන් සීමිත පිරිසක් පමණක් වන බව රජය පිළිගන්නේ ද? එසේ මගහැරෙන මිලියන 3 කට ආසන්න ජ්‍යොෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට රජයට වැඩපිළිවෙලක් තිබේද? එසේනම් ඒ පිළිබඳ තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?

SendShareShare
Previous Post

යාපනේ කනත්තක බෝම්බ කිලෝ 2ක්

Next Post

රන්ජන් හදිසියේම එළියට එයි: හොරු ගැනත් කියයි (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.