• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වියතුන් දෙදෙනෙක් සජිත්ට එයි

April 2, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
වියතුන් දෙදෙනෙක් සජිත්ට එයි
Share on WhatsAppShare on Facebook

විශ්‍රාමික මේජර් ජෙනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ සහ වෘත්තීයවේදී සංගමයේ උපදේශකවරයකු ලෙස පත්කොට තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් හිමිකර ගත් පළමු නිලධාරියා ලෙස මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා ඉතිහාසයට එක්ව ඇති අතර ඒ මහතා  මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව, උසස් ආරක්‍ෂක කළමණාකරණ ඩිප්ලෝමාව, යුද හමුදා මාණ්ඩලික විද්‍යාලීය චිජ උපාධිය සහ චීනයේ ජාතික ආරක්‍ෂක උපාධිය ඉහළින් සමත්වී ඇත.

යුද පිටියේ දී සතුරා ඉදිරියේ දක්වන නිර්භීත භාවය උදෙසා පිරිනමන රණශූර පදක්කම හා රණවික්‍රම පදක්කමද, උසස් විනය පැවැත්ම වෙනුවෙන් පිදෙන උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් දොළහකින්ද ඔහු පිදුම් ලබා ඇත.

2012 වසරේ දී, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙසින්ද උතුරේ අවතැන්වූවන් සඳහා වන නිසි බලධාරි ලෙසින්ද පත්වූ ඒ මහතා ජාති, ආගම්, කුල භේදයකින් තොරව සිදුකරන ලද  ජාතික, ආගමික හා සාමාජීය සේවය අගයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් 2016 වසරේ දී ”දේශකීර්ති ලංකාපුත්‍ර” සම්මානය ඔහුට පුදන ලදී.

හෙතෙම පුවත්පත්  රැසක ආරාධිත නිදහස් ලේඛකයකු ලෙස ද කටයුතු කර ඇති අතර වියත්මග සංවිධානයේද සාමාජිකයකුව සිටියේය.

මේ අතර දශක ගණනාවක් පුරා විදේශීය සහ රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් ඇති රංජිත් උයංගොඩ මහතා විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජනබලවේගයේ වෘත්තීයවේදී උපදේශක මණ්ඩලයට සහ බුද්ධි මණ්ඩපයට පත් කරනු ලැබ තිබේ. 

1985 දී ශ්‍රී ලංකා විදේශ සේවය සමග එක්වන ඒ මහතා කලක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු  කළේය. විදේශ පරිපාලන සේවය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  සක්‍රීය නියෝජිතයෙකු ලෙස අත්දැකීම් ඇති ඒ මහතා  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා වැඩබලන මහ කොමසාරිස් ලෙස ද සේවය කර ඇත.

1998 සිට 2003 දක්වා ඔහු එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා වූ අතර මැලේසියාව , කැනඩාව, ජපානය වැනි රටවල් රැසක ශ්‍රී ලාංකික තානාපතිවරයා විය.

පසුව මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස දිගු කලක් ඒ මහතා කටයුතු කළේය. ජාතික සහජීවනය ,සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

භාෂා කිහිපයක් හැසිරවිය හැකි ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂවේදී උපාධිදාරියෙකි.

SendShareShare
Previous Post

ASP එරික්ව පන්නගන්න ආණ්ඩුවේ 6 දෙනෙක් ඇමැතිට ගතු කියලා

Next Post

විමල්ගේ 11 පිල රහස් හමුවක

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.