• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල් පක්ෂ 10ක් එක්ක ආණ්ඩුව ඇතුළේ අලුත් සටනකට සූදානම් වෙයි

February 3, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
විමල් පක්ෂ 10ක් එක්ක ආණ්ඩුව ඇතුළේ අලුත් සටනකට සූදානම් වෙයි
Share on WhatsAppShare on Facebook

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් සංවර්ධනය කිරීමට ගත් තීන්දුව මෙන් 69 ලක්ෂයේ ජන වරමෙහි පූජනීයභාවය රැක දෙන තීන්දු ගැනීමට ජනාධිපතිතුමන්ට ඇති වන යම් බාධාවන් පවතී නම් ඒවා ඉවත් කර දෙමින්, ජනවරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ පිටත සිටින කවර පාර්ශ්වයක් සමඟ හෝ ගැටීමට කිසි විටෙකත් බිය නොවී කටයුතු කිරීම ආණ්ඩුව තුළ සිටින තම පක්ෂය ඇතුළු පක්ෂ 10හි ස්ථාවරය යැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද (03) තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාක් හෝටල් ශ්‍රවණාගාරයේ පැවති ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන්ගේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

” කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නය අපේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳ තීරණය කරන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා. 2017 දී එවකට ඇමතිවරයෙකු වූ මලික් සමරවික්‍රම මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරිය සමඟ ඇතිකරගත් ගිවිසුමකින් ඉන්දියාව සමග ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති 10ක් ඇරඹීමට එකඟත්වය පළ කොට තිබුණා. ඉන් එක් ව්‍යාපෘතියක් තමයි කොළඹ වරායේ එක් ජැටියක් ඉන්දියාව සමග පවත්වාගෙන යාම. ඒ වගේම සාගල රත්නායක හිටපු ඇමතිවරයා 2019 දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට තිබුණා, එම ගිවිසුම මගින් නිශ්චිතව නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ එකතුවෙලා පවත්වාගෙන යාම සඳහා.

එවැනි තත්වයක් යටතේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව බිහි වන්නේ. ඉහත ගිවිසුම් මගින් පැවැති ආණ්ඩුව යම් බැඳීමක් ඇති කර තිබූ නිසා තමයි නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් යම්කිසි විවාදාත්මක වාතාවරණයක් හැදුණේ. නමුත් අවසානයේ අපේ ආණ්ඩුව තීරණාත්මක නිවැරදි තීන්දුවක් ගනු ලැබුවා, කොළඹ වරායේ තිබෙන ඉතාමත් වැදගත් සහ සුවිශේෂී ලෙස ආදායම් නිපදවිය හැකි නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් එය සංවර්ධනය කොට පවත්වාගෙන යාමට. මෙය ඉතා වැදගත් තීන්දුවක්. මෙවැනි තීන්දුවක් ගැනීම පහසු නැහැ. මෙම තීන්දුව ගත් පසු ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය දක්වා ඇති ප්‍රතිචාර අනුව පෙනෙන්නේ ඔවුන් මෙම තත්ත්වය කැමැත්තෙන් පිළිගන්නා බවක් නොවේ. ඒ කෙසේ වෙතත් රටේ අභිවෘද්ධිය ගැන ජනාධිපතිතුමන් මේ අසීරු සහ අභියෝගාත්මක තීරණය අරගෙන තිබෙනවා. ඒ පිළිබඳව අපි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් විදියට ජනාධිපතිතුමන්ට අපගේ කෘතවේදීත්වය සහ  ගෞරවය පළ කර සිටිනවා.

සමහරු කියනවා භූ දේශපාලන යථාර්ථය දන්නවානම් ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය දිය යුතුයි කියා. භූ දේශපාලන යථාර්ථයක් තිබෙන බව ඇත්ත. ඉන්දියානු සාගර කලාපයේ බලය පිළිබඳ ප්‍රශ්නයේදී ඉන්දියාව ඇමරිකාව සමග එකට සිටිමින්, චීනය වෙනම සිටිමින් තම තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා විශාල මෙහෙයුම්වල නිරත වන බව අපි දන්නවා. ඒ නිසා ඒ කවර පාර්ශ්වයකවත් ගොදුරක් නොවී සිටීමට අපට රටක් ලෙස හැකි විය යුතුයි. එම බල කේන්ද්‍ර දෙකෙහි කවර පාර්ශ්වයක හෝ කොටස්කරුවෙකු නොවුණහොත් තමයි අපට නොබැඳි පිළිවෙතින් රටක් ලෙස ඉදිරි ගමනක් යා හැක්කේ. මේ සියල්ල ගැන සිතා තමයි අපේ රට ගැන, රාජ්‍ය නායකයන් තීන්දු ගත යුතුව ඇත්තේ.

මෙම තීන්දුව ගැනීමට ප්‍රථම අපි ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක් ලෙස මෙම ගැටලුව පිළිබඳ අපේ ස්ථාවරය පවසනු ලැබුවා. එම ස්ථාවරයට අනුකූලව නිවැරැදිම තීන්දුව ගෙන ඇති මේ මොහොතේ ඒ පිළිබඳව අපේ ප්‍රතිචාරය හා ප්‍රණාමය පුද කරන්න අපට වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කරමින් තමයි මෙලෙස මාධ්‍ය හමුවක් කැඳවූයේ. ආණ්ඩුව තුළ සිටිමින් අපට දේශපාලන පක්ෂ නායකයන් ලෙස ඉටු කළ යුතු භූමිකාවක් තිබෙනවා. කවුරුත් සිතිය යුතු නැහැ අපි කවර පාර්ශ්වයක හෝ දේශපාලන වහලුන් කියා. අපේ මේ හැම පක්ෂයකටම ස්වාධීනත්වයක් සහ අනන්‍යතාවක් තිබෙනවා. අපි 69 ලක්ෂයේ ජනවරම ආරක්ෂා කිරීමට කැප වන දේශපාලන පක්ෂයි. එය තමයි අපේ පක්ෂවල ප්‍රමුඛතාව. ඒ හැර වෙන කිසිම දෙයකට අපි ප්‍රමුඛතාව දෙන්නේ නැහැ.

මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධුරයට පත් කිරීමෙන්, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දීමෙන් ආණ්ඩුව පිළිබඳ තබා ඇති බලවත් අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට ජනාධිපතිතුමන්ට යම් බාධාවක් තිබෙනවා නම් ඒවා ඉවත් කර දීමට අපි සූදානම්. ජන වරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ පිටත සිටින කිසිදු පාර්ශ්වයක් සමග ගැටීමට අපි බිය විය යුතු නැහැ. මෙම පක්ෂ දහයේ ස්ථාවරය එයයි.

අපි වගකියන්නේ අන් කවරකටත් වඩා ලැබී ඇති ජනවරමටයි. මේ රටේ පොදු ජනතාව මහා අපේක්ෂාවන් දල්වා ගෙන කවර අවස්ථාවකදීවත් නොකළ ආකාරයට මේ ආණ්ඩුවට 2/3 ක බලයක් ලබාදී තිබෙනවා. මේ ආණ්ඩුව ගැන එතරම් විශ්වාසයක් තැබූ ජනතාවකගේ අරමුණු හා පරමාර්ථ නළලේ මුදුනේ තබාගෙන යන මාර්ගයකයි අපි ගමන් කරන්නේ. ඒ මහජන අපේක්ෂාවන් හා පරමාර්ථයන් යථාර්ථයක් බවට පත් කිරීමට අපි සියලුදෙනා කැප වන බවට සපථ කරනවා. නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයේදී මැදිහත් වූ ආකාරයටම 69 ලක්ෂයේ ජනවරමේ පූජනීයභාවය රැක දීමට අපි ඇප කැප වන බව ද අවධාරණය කරනවා.”

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර,  ලංකා සම සමාජ පක්ෂය ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග යන පිරිස මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

රිජ්වේ බිළිඳුන් 150කට-මාපියන් 150කට කොරෝනා

Next Post

අරලිය ගහ මන්දිරයේදී මහින්ද-බැසිල් සියලුම ඇමැතිවරුන්ට වැඩ බාර දෙයි (PHOTOS)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.