දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ නිවාස ඉදිරිපිටදී මෙන්ම ප්‍රදේශ කිහිපයක දී ඊයේ රාත්‍රියේ ද විරෝධතා පැවැත්විණ.
ඉන් එක් විරෝධතාවක් පැවැත්වුණේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ මාලඹේ, හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදීයි.
පුද්ගලයින් සියයකට අධික පිරිසක් එම ස්ථානයට පැමිණ රතිඤ්ඤා දල්වමින් විරෝධතාවයේ නිරත වු බව දැනගන්නට ඇත.
මාලඹේ පෙලිස් ස්ථානයේ නිළධාරීන් පැමිණ එම පිරිස විසිරුවා හැර ඇති බවද වාර්තා වේ.










