පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ලැබී ඇති තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂය කතෝලික රදගුරු සමුළුව තෙ ලිපියක් යොමු කොට ඇත.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතෝලික රදගුරු සමුළුව වෙත ලිපියක් යවමින් එම ඉල්ලීම සිදු කර තිබේ.
එමඟින් ඔහු ඉල්ලා ඇත්තේ පසුගිය කාලයේ විපක්ෂය පාර්ලිමේන්තුව සහ ඉන් පිටතදී මේ සම්බන්ධයෙන් අනාවරණ කළ සුවිශේෂී කරුණු පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙසයි.
විශේෂයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා ඉන්දියාවට පලාගොස් ඇති අතර, ඇගේ සාක්ෂිය ප්‍රහාරයේ සුලමුල සොයාගැනීමේදී අතිශය වැදගත් බව අදාළ ලිපියෙන් දක්වා ඇත.
ඒ සම්බන්ධයෙන් සහ ප්‍රශ්නගත තොරතුරු පිළිබදව ප්‍රශ්න කරන විට ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර ඇත.
එබැවින් අදාළ කරුණු පිළිබඳව සමස්ත රදගුරු මණ්ඩලය සමඟ තොරතුරුද සහිතව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට සුදුසු දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස අදාළ ලිපියෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත.










