20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු සිය ජන්දය ප්‍රකාශ කරනු ලැබූහ.
සමගී ජනබලවේගය පක්ෂයේ ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර් සහ ඉෂාක් රේහෙමාන් යන මන්ත්‍රිවරුන් ඊට පක්ෂව ජන්දය භාවිත කළ අතර මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කරමින් AASM රහීම් මන්ත්‍රීවරයාද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, HMM හාරිස් සහ MS තව්ෆික් යන මන්ත්‍රීවරුන්ද ඊට ජන්දය භාවිතා කළහ.
මේ සියලුම දෙනා සමගි ජන බලවේගය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු වෙති.
කෙසේවෙතත් අද පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබුණේ එසේ ආණ්ඩුවට එක්වන සියලුම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමටය.