• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විනාඩි 15ක් ඇතුළත එන්නත් තුනක් දෙයි: දැරිය මරුට: ඥාතීන් පරීක්ෂණයක් ඉල්ලයි

May 3, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විනාඩි 15ක් ඇතුළත එන්නත් තුනක් දෙයි: දැරිය මරුට: ඥාතීන් පරීක්ෂණයක් ඉල්ලයි
Share on WhatsAppShare on Facebook

ගලෙන්බිඳුණුවැව යකල්ල රෝහලට ශ්වසන අපහසුතාවක් නිසා ඇතුළත් කළ සිය දියණියට විනාඩි පහළොවක පමණ කාලය තුළදී වෛද්‍ය උපදෙස් මත නොසැලිකිලිමත්ව එන්නත් තුනක් ලබාදීමෙන් ජීවිතය අහිමි වූ බව මරණයට පත්වූ දැරියගේ මව ඇතුළු ඥාතීහු පැවැසූහ.

අසාධ්‍යව රෝහල් ගතකළ දැරියගේ ජීවිතය​ බේරා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක යෙදුණද ඇය පසුගිය 3 දා අලුයම සිය ජීවිතයට සමු දුන්නාය.

මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ කුරුණෑගල කොලණිය පඩිකාරමඩුව ගලෙන්බිඳුණුවැව පදිංචිව සිටි අට හැවිරිදි ගිහානි සංසලා රන්දුන් දැරියයි. දෙවසරක් පමණ පවතින ශ්වසන රෝගී තත්ත්වයට යකල්ල රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර පසුගිය 21 දා රාත්‍රියේ හදිසියේම හුස්ම ගැනීමට නොහැකිවීම නිසා දැරිය යකල්ල රෝහලට ඇතුළත් කර තිබුණි.

ඇයට නිවසේදී ලබාදුන් ප්‍රතිකාරවලට අමතරව රෝහලේදී දූමායනය කර පසුව විනාඩි 15 ක කාලයක් තුළ එන්නත් තුනක් ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළ අතර දින කිහිපයක් අසාධ්‍යව ප්‍රතිකාර ලැබ මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක සිදුකරනු ලැබීය.

එහිදී දැරියගේ මව වූ අලුත්ගෙදර පුෂ්පා කුමාරි (40) තිදරු මව සාක්ෂි ‌දෙමින් කියා සිටියේ යකල්ල රෝහලේ නොසැලකිල්ල නිසා සිය දියණියට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවයි.

විනාඩි 15 ක කාලය තුළ කුඩා දැරියට ලබාදුන් එන්නත් මාත්‍රා තුන හේතුවෙන් ඇයට මෙම මරණය සිදුවූ බවත් දැරියගේ මරණය පිළිබඳ සැකයක් මතුව තිබෙනා නිසා සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඈ පැවැසුවාය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (1දා) පැවැත්වූ අතර අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. ඒ. කරුණාතිලකගෙන්ද ඇය ඉල්ලා සිටියේ මෙම මරණය පිළිබඳ සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි.

මව වන අලුත්ගෙදර පුෂ්පා කුමාරි (40) මහත්මිය කියා සිටියේ දින කිහිපයක් අනුරාධපුර ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සිය දියණියගේ රුධිර පීඩනය, සීනි මට්ටම විටින් විට අඩු වැඩි වූ බවත් ලබාදුන් එන්නත විෂවීමක් සිදුවන්නට ඇති බවට සැක කළ හැකි බවත් රෝහල් කාර්ය මණ්ඩලය පැවැසූ බවයි. මෙම මරණය යකල්ල රෝහලේ නොසැලකිල්ල නිසාම සිදුවූ බව කියමින් දැරියගේ ඥාතීන් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කර තිබුණි.

විවෘත තීන්දුවක් ලබාදුන් අධිකරණ වෛද්‍යවරයා දැරියගේ මරණයට හේතුව අනාවරණය කරගැනීමට වැඩිදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු යැයි නිගමනය කළේය. ගලෙන්බිඳුණුවැව පොලිසියේ පොලිස් සැරයන් ජී. ජී. ආර්. පී. කුමාරසිංහ (28080) නිලධාරියා විසින් දැරියගේ මරණ පරීක්ෂණ සාක්ෂි මෙහෙයවීය.

SendShareShare
Previous Post

මැරෙන්න වැටිලා ඉන්න ඉන්දියානුවන්ට කොෂ්ලා ඩොලර් කෝටියක ඔක්සිජන් දෙයි

Next Post

දිස්ත්‍රික්ක 4ක ගම් 8ක් වහාම වහයි

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper