• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුලි බිල වැඩි කරලා මිනිස්සුන්ට බර දෙන්න එපා! ඕනතරම් නීති තියෙනවා හොරකම් කරපු සල්ලි ටික නැවත පවරගන්න! ඒකයි කරන්න ඕනේ! විපක්ෂ නායක නුගේගොඩට එයි! (VIDEO & PHOTOS)

January 10, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
විදුලි බිල වැඩි කරලා මිනිස්සුන්ට බර දෙන්න එපා! ඕනතරම් නීති තියෙනවා හොරකම් කරපු සල්ලි ටික නැවත පවරගන්න! ඒකයි කරන්න ඕනේ! විපක්ෂ නායක නුගේගොඩට එයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

පසුගිය ජනාධිපතිවරණයේ දී කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ගැන කතා කරන විට තමා පෑඩ් මෑන් ලෙස හැඳින්වූ බවත් දැන් බස් රථ ලබා දෙන විට බස් මෑන් ලෙස මුහුණු පොතේ හඳුන්වන බවත් එසේ අපහාස කරන පුද්ගලයන් සුඛෝපභෝගී බස් මිලට ගෙන එහි තමාගේ මනාප අංක, පක්ෂ ලාංඡන ආදිය ස්ටිකර් ලෙස අලවා ඡන්ද ඉල්ලා රට වටේ යන බවත් ඔවුන් එසේ කළත් සමගි ජන බලවේගය පාසල්වලට නොමිලේ බස් ලබා දීම වරදක් ලෙස චෝදනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වළට සමගාමීව ක්‍රියාත්මක බස් රථ ලබා දීමේ වැඩසටහන යටතේ 66වන අදියර ලෙස රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය. ඒ අනුව මේ දක්වා සක්වලට සමගාමීව රුපියල්. 319,200,000ක බස් රථ පරිත්‍යාග කොට ඇත.

පසුගිය කාලයේ හොරු රැලකට රට බාර දුන් පසු ඔවුන් රට සින්නක්කරව ලියා ගෙන රටේ සම්පත් සූරාගෙන කා මංකොල්ල කා දැමූ බවත් ඔවුන් රට බංකොලොත් කර මේ වන විට විදුලි බිල වැඩි කිරීම සිදු කරන බවත් පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන කිරීමට විදුලි බිල වැඩි කරනවා වෙනුවට හොරකම් කරන ලද මුදල් නැවත රට තුළට ගෙන ඒමට කටයුතු කිරීම තුළින් රට නැවත ගොඩ නැගිය හැකි බවත් සමගි ජන බලවේගය බලයට පත් වූ විගස එම මුදල් ලබා ගැනීම සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සක්වල වැඩසටහන යටතේ බස් රථ ලබා දීමේ වැඩසටහන වැරදි ආකාරයට අර්ථකථනය කරන බවත් එය බඩු බෙදා දීමක් ලෙස හඳුන්වන නමුත් මෙය නිදහස් අධ්‍යාපන සංකල්පය තවදුරටත් ශක්තිමත් කිරීමක් මිස දේශපාලන අරමුණකින් නොවන බවත් මේ වන විට රට සම්පූර්ණයෙන් බංකොලොත් වී ඇති මොහොතක විපක්ෂය විසින් ජනතාව වෙනුවෙන් සිදු කරන වැඩසටහනක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මෙවැනි ව්‍යාපෘති සිදු කිරිමට දේශීය මෙන් ම විදේශීය ධානපතියන්ගේ උපකාර ලැබෙන බවත් ඒවා ලැබෙන්නේ ඔවුන් තුළ විශ්වාසය ඇති කිරිම තුළින් බවත් ඒ සඳහා හොඳ සන්නිවේදනයක් පැවැතිය යුතු බවත් විපක්ෂ නායකතුමා සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා පත් වන විට ඩොලර් මවනවා වැනි සුරංගනා කතා කිව්වත් මේ වන විට ඩොලර් වැඩි වී නොමැති බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගත හැක්කේ හොඳට ඉගෙන ගත් දරු පරපුරක් තුළින් බවත් විපක්ෂ නායකතුමා සඳහන් කළේය.

විපක්ෂය මෙවැනි වැඩසටහනක් කිරීමේ දී පවා ආණ්ඩුව පරිගණක ආදී ඩිජිටල් යන්ත්‍ර ගෙන ඒම තහනම් කළ බවත් ඒ නිසා බොහෝ පාසල්වලට සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යම් හෙයකින් අඩාල වුණත් එය නතර වී නොමැති බවත් ඉදිරියේ දී එය වඩාත් සක්‍රීය ලෙස නැවත ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සක්වල වැඩසටහන යටතේ බස් ලබා දෙන්නේ කවදාවත් පාසල්වලට ෆිනෑන්ස් මුදල් ගෙවන්න නොවන බවත් මේ බස් සඳහා සියලු මුදල් ගෙවා අවසන් කර ඇති බවත් මේ වන විට සියලු බස් අදාල පාසල්වල නමට ලියාපදිංචි කර අවසන් ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

දූෂණය නැති කරන එක ගැන ජවිපෙ මහා ලොකුවට කතා කළාට ඒක කරන්න පුලුවන් මිනිස්සු ජවිපෙ නෑ! ඕවා කියන අයගෙ පහුගිය පැටිකිරිය බලන්න ඕනේ! කරපු කෙරුවාවල් බලන්න! එහෙම බැලුවාම ඒකෙ කවුරුත් නෑ! ෆීල්ඩ් මාෂල් ජවිපෙට එකතු වෙනවා කියලා කියපු එවුන්ට ෆොන්සේකා සජබ ගම්පහ සටන අරඹමින් කන හරහාම ෂොට් එක දෙයි! (VIDEO)

Next Post

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවන ඇසට්ලයින් ෆිනෑන්ස් ‘දේශයට ජවයක්’…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.