විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (18) දිනයේ සිය අමාත්‍යංශයට ගොස් වැඩ බාර ගත්තේය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අනෙකුත් අමාත්‍යවරුන් සිය ඥාති හිතමිත්‍රාදීන්, මැතිඇමැතිවරුන් පිරිවරා වැඩ බාර ගත්තද ඩලස් අලහප්පෙරුම මහතා කිසිවකුත් නොමැතිව තනිවම අමාත්‍යංශයට ගොස් වැඩ බාර ගැනීමය.
කිසිදූ උත්සවයකින්, මහජන මූදල් වැයකිරීමකින් හෝ පවූලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයකින් තොරව, ඉතා සරලව නව අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමට ඒ මහතා කටයුතු කර තිබිණ.