ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට බැන වැදුණේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද අදහස් පළ කෙළේය.
ඒ අද (16) දින පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී දිසානායක මහතා කියා සිටියේ විජයදාස රාජපක්ෂ කියන කතාව සත්‍යයක් නමි ජනාධිපතිවරයා ගමන් කිරීමට තීන්දු කර ඇති දිසාව පිළිබද යම් චිත්‍රයක් මවා ගත හැකි බවය.
ජනාධිපතිවරයාට මේ සදහා පිළිතුරු දීමට අවශ්‍ය නම් සුමානයකට සැරයක් පවත්වන ගම සමග පිළිසදරක් වැඩසටහනේදී හෝ ජනාධිපති මාධ්‍ය ඒකකය ලවා හෝ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලවා හෝ කරගත හැකිව තිබූ බවකි.
එවැන්නක් නොකොට ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිගත නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරන සමයේ මේ ආකාරයේ චෝදනා රැසක්ම පැවැති බවද දිසානායක මහතා කියා සිටියේය.










