වැරදි තැනක යතුරුපැදියක් නවතා තැබූ බව කියමින් තරුණයකු දඩ කොළයක් දුන් පොලිස් නිලධාරියකුට ඉන් පසු සිදුවූ සිදුවීමක් හේතුවෙන් මහත් අපහසුතාවයකට ලක්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල සැරිසරමින් තිබේ.
මෙහිදී සිදුව ඇත්තේ තවත් පොලිස් නිලධාරියකුද එම වැරැද්දම සිදු කරමින් සිය වාහනය එම තහනම් ප්‍රදේශයේම නවතා යාමය.
මේ බව දුටු දඩකොළය ලැබූ තරුණයා පොලිස් නිලධාරියාට බල කර සිටින්නේ දෙදෙනාම කළේ එකම වැරැද්ද නම් අදාළ පොලිස් නිලධාරියාටද දඩ කොළයක් ලබා දිය යුතු බවකි.
පසුව තරුණයාගේ බලපෑම හමුවේ පොලිස් නිලධාරියාටද දඩ කොලයක් දීමට මෙම පොලිස් නිලධාරියාට සිදුවූ ආකාරය වීඩියෝවේ දැක්වේ.










