ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන අද (31) දිනයේ දී අවසන් කිරීමට හැකිවනු ඇති බවත්, ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් කිසිවකුත් මෙතෙක් කළ විමර්ශනවලදී හඳුනාගෙන නැති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තුව නියෝජන කරන සියලු මන්ත්‍රීවරුන්ගේ උපන් දින සහ ජාතික හැඳුනුම්පත් අංක ආගමන විගමන දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලබාගෙන අදාළ නාමලේඛන පරික්ෂා කිරීම පසුගිය සතියේ ආරම්භ කළේය.










