භූ විද්‍යා සහ පතල් කැණීමේ කාර්යාංශයේ සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අවසන් තීරණ ඇතුළත් වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතට පත්කොට සති කිහිපයක් ගතවී තිබුණද එහි නිර්දේශ තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව වාර්තා වේ.
මව්රට පුවත්පතට දැන ගන්නට ඇති පරිදි ඒ සඳහා වගකිව යුතු මහ පුටු දෙකක් ඉවත් කළ යුතු බවට නිර්දේශ වී ඇතත් විවිධ හේතූන් මත එය සිදු කිරීමට පරිසර අමාත්‍යවරයාට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තත්ත්වය මත අදාළ පරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේ සූදානමක් ඇති බවද දැන ගන්නට ඇත.