දශක හතකට වැඩි කාලයක් කියුබාව පාලනය කළ නායක රවුල් කස්ත්‍රෝ එරට කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
89 හැවිරිදි කස්ත්‍රෝගෙන් හිස්වන එම පදවියට 2018 වසරේ එරට ජනාධිපතිවරයා ලෙස පත් වුනු මිගුවෙල් ඩයස් කනෙල් පත්වනු ඇති පැවසේ.
මේ සමග දශක හතකට වැඩි කාලයක් එරට පවතී කස්ත්‍රෝ යුගය අවසන් වෙයි.
1959 දී කියුබානු විපලවය සමග පිදෙල් කස්ත්‍රෝ එරට බලයට පත් විය. එතැන් සිට කස්ත්‍රෝ පවුලේ හැර වෙනත් කෙනෙකුට එරට බලය හිමිවන පළමු අවස්ථාව මෙයයි.
කියුබාව මේ වන විට ක්‍රමයෙන් එරට ආර්ථිකය වෙනස් කරමින් යන අතර ඇමරිකාවේ බයිඩන් ජනාධිපතිවරයා කියුබාව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කියුබාවට බලාපොරොත්තු ඇති කර තිබේ.
2006 දී ෆිදෙල් කස්ත්‍රෝ ගිලන්වූ අතර 2008 වසරේදී ඔහු ජනාධිපති ධුරය රවුල් කස්ත්‍රෝ වෙත පවරන ලදී.
2016 වසරේදී ෆිදෙල් කස්ත්‍රෝ මිය ගියේය.










