• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වටේටම කොට කොටා ගිහින් කෙහෙල් ගහේ හොට පටලවා ගත් කොට්ටෝරුවෝ!

April 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
වටේටම කොට කොටා ගිහින් කෙහෙල් ගහේ හොට පටලවා ගත් කොට්ටෝරුවෝ!
Share on WhatsAppShare on Facebook

අලුත් අවුරුද්දක් ලැබීමේදී වෙන මොනවා නැතත් ‘ඉරණම’ පොතක් ගෙන හෝ පලාපල දැනගැනීම ලංකාවේ වැඩිහිටියන් බහුතරයකගේ සිරිතය. ඊට උපකාරී වනු වස් ලිත් සහ පලාපල පොත් අලෙවි කරන්නෝ අවුරුද්දේ අන්තිම මාස දෙකේදී ලංකාවේ සෑම නගරයකම දැකගත හැක. කිසිවකුටත් කරදරයක් නොවනා ලෙස තම ජීවන උපාය සරිකරගත් ඒ අහිංසකයනටත් දැන් උරුමව ඇත්තේ බඩේ පහරය. ඊට හේතුව අවුරුද්ද ලබන්නට ඔන්න මෙන්න කියා තිබියදී විද්‍යුත් මාධ්‍ය නාලිකා බදුගෙන පලාපල කියනා ‘සාස්තර මුදලාලිලා’ගේ ක්‍රියාකලාපයයි.

ලංකාවේ පමණක් නොව ලෝකයේම ගමන්මඟ මුළුමනින්ම වෙනස් කළ වසරක් ලෙස ගෙවුණු 2020 වසර දැක්විය හැක. කොරෝනා වසංගතය නිසා ඒ වසරේ සිදුවූ පසුබෑම්වලින් ලංකාවට මෙන්ම ලෝකයටද තවමත් ගොඩ ඒමට නොහැකිව ඇත. එහෙත් 2019 වස‍රේ දෙසැම්බර් 31 දා මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකාවන්හි ගුවන් කාලය පැය ගණනින් කාදමමින් 2020 ගැන පලාපල කියූ එකදු ‘තක්කඩි සාස්තරකාරයෙක්’ හෝ කොරෝනා වසංගතය ගැන නොව උණ හෙම්බිරිසාවක් ගැන හෝ අනතුරු ඇඟවූයේ නැත. 2019 දෙසැම්බර් 31 දින මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ අදහස් දැක්වූ ජ්‍යොතිෂ්‍යවේදී නිශාන්ත පෙරේරා පවසා සිටියේ ග්‍රහ මාරු 6ක්, ග්‍රහ යුද්ධ 11ක් සිදුවීමත්, දශක හයකට පසු සෙනසුරු සහ බ්‍රහස්පති මකර රාශියට පැමිණීමත් නිසා 2020 ලංකාවට හැම අතින්ම සුබ වන බවයි. සෙනසුරු සහ බ්‍රහස්පතිට මකර රාශියට පැමිණීම කෙසේ වෙතත් මෙරට ජනයාට නම් නිරෝධායන ඇඳිරිනීතිය නිසා අල්ලපු ගෙදරට ගොඩවදින්නට බැරි තරමට වැඩ ‘හොඳ’වූ වසරක් ලෙස 2020 හැඳින්විය හැක.

වැඩසටහනේ නිවේදිකාව දෙවැනි වටයේදී 2020දී රටක් විදියට වසංගතවලට මුහුණ දීමට සිදුවන්නේද කියා ඔහුගෙන් විමසයි. ඊට පිළිතුරු දෙමින් ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා පවසනුයේ වසරේ මුල් මාස දෙක තුළ පරිසරයේ සුළු වෙනස්කම්, සාගරය ආශ්‍රිත භූ කම්පන ඇතිවිය හැකි බවත්, ධීවරයන් කාලගුණ අනාවැකි ගැන අවධානය යොමුකළ යුතු බවත්ය. මේ නම් අපූරුම අනාවැකියකි. වසරකට සාගරය ආශ්‍රිත භූ කම්පන සිය ගණන් සිදුවේ. එය කියන්නට පහේ පන්තියේ ළමයකුගේ සාමාන්‍ය දැනුම මිස ජ්‍යොතිර්වේදීන් යැයි කියාගන්නා පණ්ඩිතයන් අවශ්‍ය නොවේ. අනෙක් අතට 2020 වසරේ සාගරය ආශ්‍රිත කිසිම භූ කම්පනයකින් ශ්‍රී ලංකා වට කිසිමාකාරයක අනතුරක් සිදුවූයේ නැත. ධීවරයන් කාලගුණ අනාවැකි ගැන කොහොමටත් අවධානය යොමු කරති. ඊට ජ්‍යොතිර්වේදීන්ගේ උපදෙස් කුමටද?

නිවේදිකාව ලංකාවට වසංගත තත්ත්වයක් ඇතිවේදැයි විමසූ නිසා හෝ නිකමටවත් එසේ වියහැකි බව කියන්නට මේ ජ්‍යොතිර්වේදියාට සිතෙන්නේ නැත. ඒ වන විටත් චීනයේ වූහාන්වල කොරෝනා වෛරසය මතුවී තිබිණි. අවම වශයෙන් ජ්‍යොතිර්වේදියා පුවත්පත් කියවා තිබුණේ නම් ඒ ප්‍රශ්නයට මීට හොඳ උත්තරයක් දීමට ඉඩ තිබිණි.

එම වැඩසටහනටම සහභාගිවූ ජ්‍යොතිර්වේදී සුනිල් ගම්ලත්ද කැට කඩා පවසනුයේ 2020 ලංකාවට ඉතා සුබ බවය. ඔහුගේ විශේෂ අවධානයද දිනාගනු ලබන්නේ සෙනසුරු සහ බ්‍රහස්පති මකර රාශියට පැමිණීමය. 2020 පාර්ලිමේන්තුව බලවත් වෙන බවත් යහපත් තීරණ ගන්නා බවත් ඔහු සහතික කර පවසයි. එහෙත් යහපත්, බලවත් තීරණ කෙසේ වෙතත් රට කිරීමට අත්‍යාවශ්‍ය මුදල් පනත් සම්මත කරගැනීමටවත් කොරෝනා වසංගතය නිසා පාර්ලිමේන්තුව රැස්වූයේ නැත. අදටත් පාර්ලිමේන්තුව රැස්වනුයේ මුඛ ආවරණ පැලඳගෙනය. 2020 කෙසේ වෙතත් මේ වනතුරු ජනතාවගේ පැත්තෙන් යහපත් තීරණ කිසිවක් මේ පාර්ලිමේන්තුවේ ගන්නා බවක් පෙනෙන්නට නැත.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසනුයේ 2020 ලක්වැසියනට බරපතළ රෝගාබාධ ඇති නොවනා බවයි. බෝ නොවන රෝග ඇතිවිය හැකි බවත්, පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙනා බවත් අප්‍රේල් වනවිට රට සශ්‍රීක වන බවත් පවසයි. මේ අනාවැකිය දෙස බැලීමේදී අපට සිතෙන්නේ රටවසියන් 15,000කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවූ කොවිඩ් වසංගතය සුනිල් ගම්ලත්ගේ විශ්වය විනිවිද ගිය ජ්‍යොතිෂ නුවණට ඉතා සුළු දෙයක් බවයි. අනෙක් අතට බෝ නොවනා රෝග ලංකාවේ පමණක් නොව ලෝකයේම වර්ධනය වන ප්‍රවණතාවක් බව කියන්නට ලග්න, ග්‍රහයන් හෝ රාශි ගැන වෙහෙසිය යුතු නොවේ. හයේ හතේ පන්තියක සෞඛ්‍ය විෂය ඉගෙන ගන්නා ළමයකුටත් ඒ හැකියාව උපරිමයෙන් තිබෙනා බව රටම දන්නා කරුණකි. පාසල් සිසුන්ට මතද්‍රව්‍ය භාවිතය සඳහා තබා ඉගෙනගන්නටවත් 2020 පාසල් යන්නට වෙන්නේ නැත. මේ කිසිවක් සුනිල් ගම්ලත්ගේ විශ්වීය නුවණට පෙනෙන්නේ නැත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදියකු වන චන්ද්‍රසිරි බණ්ඩාරද මේ වැඩසටහනේ අදහස් දක්වයි. අන් අය මෙන් අසුනක තැන්පත්ව ඉඳගෙන නොව අංග චලනයන් සහ අභිනයන් රැසක් සමගින් අදහස් දක්වන ඔහු පවසනුයේ 2020 අලුත් ඉරක් පායන, අලුත් බලාපොරොත්තු ඇතිවන සුබම සුබ නව වසරක් බවයි. මුල් මාස තුන තුළ යම් පසුබෑමක් පෙන්නුම් කළද එය බීජයක් පස පුපුරවාගෙන උඩට ඒමට සමාන කරනා ඔහු අප්‍රේල් 25 වැනි සෙනසුරාදායින් පසු රටේ සියලු කටයුතු යහපත්වන බව පවසයි. එමතුදු නොව මාර්තු 31 වැනිදා සිදුවන ගුරු මාරුවෙන් පසු රාජ්‍ය බලවත් වන බවද ඔහු අවධාරණය කරයි.

එහෙත් ඔහු කියනා ගුරු මාරු වෙනකොටත් ලංකාවම ලොක්ඩවුන්ය. රාජ්‍ය බලවත් වීම කෙසේ වෙතත් ලංකාවේ ආණ්ඩුව නම් සිටියේ කර මුලටම සිරිවෙලාය. සියලු අත්‍යාවශ්‍ය සේවා බිඳවැටෙමින් තිබිණි. බීජය පොළොවෙන් උඩට ඒම කෙසේ වෙතත් ජනතාවට එදා වේල කන්නට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි. ඔහු කියනා කඩඉම් දිනය වන අප්‍රේල් 25 වන විට රටම සිටියේ මර බියේය.

එමෙන්ම රටේ පොදු පහසුකම් වැඩිවෙන බවත්, ශ්‍රමදාන ආදිය පවත්වමින් සියලු දෙනා එකිනෙකාට උදව් කරගනිමින් මෙරට කේතුමතියක් වන බව චනද්‍රසිරි බණ්ඩාර පවසයි. එහෙත් පොදු පහසුකම් වැඩිවීම කෙසේ වෙතත් අවුරුද්දේ මාස අටක් නවයක් ගතවෙන තුරුත් මෙරට පොදු ස්ථාන සියල්ල වසා දමා තිබූ බව ඔබට අමතක විය නොහැක. ශ්‍රමදාන පවත්වනවා තබා ගෙදරින් පිටට පය තබන්නට නොහැකි ආකාරයේ හුදකලා කිරීම්, නිරෝධායන කිරීම් එකල්හී සුලබ විය. අන්‍යෝන්‍ය සුහදතාව කෙසේ වෙතත් එකම පවුලේ සාමාජිකයන් පවා ඒ දවස්වල හැසිරුණේ මීටරයේ පරතරය තියාගෙනය. මේ කිසිවක් චන්ද්‍රසිරි පෙරේරාගේ ජ්‍යොතිෂ ඥානයට එදා හසුවූයේ නැත.

2020 ලෝකයටම සුබදායී බවත් ලෝකය අංශක 180කින් වෙනස් වන බවත්, සියලු උප සංස්කෘතීන් වෙන වෙනම භූ තලවලට බෙදී සිටියත් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගීත්වයෙන් වැඩකරන බවත් ඔහු එහිදී පැවසුවේය. භූ තල යනු පොළොව අභ්‍යන්තරයේ පවතින දෙයක් මිස භෞමික මායිම් සඳහා යොදාගන්නා ඒකකයක් නොවේ. භූ තල යනු භූ විද්‍යාත්මකව බෙදෙනා දෙයක් විනා උපසංස්කෘතීන් අනුව බෙදෙනා දෙයක්ද නොවේ. කොහොමටත් එක භූ තලයක සංස්කෘතීන් ගණනාවක් පිහිටයි. මේවා භූගෝල ගැන සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම කෙනෙක් දන්නා දේවල්ය. එහෙත් මේ සරල සත්‍යය චන්ද්‍රසිරි බණ්ඩාරගේ ජ්‍යොතිෂ නුවණින් මඟ හැරීම පුදුමයකි. අනෙක් පුදුමය නම් මිලියන ගණනක් ලෝකවසීන්ට මරු කැඳවූ, අසල්වැසි ඉන්දියාවේ මහමඟ මළ සිරුරු පුලුස්සන තැනට කරුණු දුරදිග ගිය ලංකාවේ පවා ආදාහනාගාර පැය 24ම ක්‍රියාත්මක වූ, හැදූ වැඩූ මවුපියන්ගේ අවමඟුලටවත් ඇතැමුන්ට යන්නට බැරිවූ 2020 වසර ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාරයන් ඉතා සුබදායී වසරක් ලෙස දැක්වීමය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජොනීගේ කාර්යලටත් උද්ඝෝෂකයින් යයි! (Video)

Next Post

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.