ලෝක කුසලාන තරගාවලියේ ලංකා කණ්ඩායම අද සිය පළමු පුහුණු තරගයට සහභාගී වෙමින් තිබේ.
ඒ සිම්බාබ්වේ සමගය.
මෙහිදී පළමුව පන්දුවට පහර දුන් ලංකා පිල පන්දුවාර විස්සේදී කඩූලු පහක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේය.
කුසල් මෙන්ඩිස් හයේ පහර 3ක් සහිතව පන්දු 29කදී ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය.