• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙම පුදුම කරපු සුදු හාමුදුරුවන්ගේ ආශ්චර්යය ගැන පළමු හෙළිදරව්ව

April 7, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
ලෝකෙම පුදුම කරපු සුදු හාමුදුරුවන්ගේ ආශ්චර්යය ගැන පළමු හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

උතුම් බුදුදහමට අනුකූලව ජීවත් වෙමින් මෑත කාලයේදී ලොවම මවිත කළ යතිවරයාණන් වහන්සේ නමක් වූ අපවත් වී වදාළ පූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප හිමියන්ගේ ජීවන ගමන ගැන බොහෝ දේ අපි පසුගිය සතියේදී කතාබහ කළා. 1993 වසරේදී කුලප්පු වූ අලියෙකුට පෑගීම හේතුවෙන් පාදයේ වූ අනතුර සහිතවම උන්වහන්සේ ඒ වනගත ජීවිතයේ මිහිර අත්වින්ද බවත් අපි එහිදී සඳහන් කළා. එතැන් පටන් අපවත් වනතුරු උන්වහන්සේගේ ජීවින ගමන ගලා ගිය ආකාරය සොයා බලන්නයි මේ සූදානම.

පාදයේ එවැනි ආබාධයක් සහිතව වසර 27කට ආසන්න කාලයක් දුෂ්කර වනගත ජීවිතයක් ගත කිරීම සැබැවින්ම සිතා ගැනීමට අපහසු කාරණාවක්. ඒ ආබාධය සහිතව උන්වහන්සේ දුෂ්කර මං පෙත්වල කිසිදු බාධාවකින් තොරව ඇවිද ගිය ආකාරය විස්මයජනක බවට අදටත් ලග්ගල අවට ජනතාව සාක්ෂි සපයනවා.

බුදුදහමට කෙතරම් අනුකූලව ජීවත් වුවත්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක සත්‍යයෙන් අත්මිදෙන්න ඥානදීප හිමියන්ටත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ජීවිතයේ අවසන් භාගයේදී උන්වහන්සේ දරුණු පිළිකා රෝගයකට ගොදුරු වුණා. ඉන් දැඩි සේ පීඩා වින්දා. කෙතරම් ආරාධනා ලැබුණත් ඒ පීඩාකාරී තත්ත්වයේදී පවා වනගත ජීවිතයෙන් ඈත් වෙන්න උන්වහන්සේ කැමැති වුණේ නැහැ.

ඒ අතරතු වස් කාලය ගත කිරීම සඳහා උන්වහන්සේ සීතල ලග්ගලින් ඈත්ව වියළි කලාපයට වැඩම කළා. ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි හෙට්ටිආරච්චිගම ආරණ්‍ය සේනාසනය උන්වහන්සේ එලෙස වස් කාලය ගත කළ එක් තැනක්. ඉන් පසු 2017 වසරේ සිට උන්වහන්සේ වසරේ වැඩි කාලයක් වැඩ වාසය කළේ අඹන්පොළ ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේයි. එතැන් සිට අපවත්වන තුරුම ඇත්දළගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කරන්දෙණියේ ඤාණවීර හිමිපාණන් විසින් ඩෙන්මාර්ක් හිමිපාණන්ට සියලු ඇප උපස්ථාන සිදුකර තිබෙනවා.

ඈත බටහිර ලෝකයේ රටක ඉපිද බුදුදහමේ යථාර්ථය පසක් කර ගැනීම සඳහා පෙරදිග ලංකාද්වීපයට වැඩම කළ ඥානදීප හිමිපාණන් පිළිබඳව කරන්දෙණියේ ඤාණවීර හිමියන් මුල්වරට තොරතුරු දැන ගෙන ඇත්තේ 1995 වසරේදීයි. එතැන් පටන් උන්වහන්සේ පිළිබඳ මතකය ඤාණවීර හිමිපාණන් අවදි කළේ මෙසේයි.

“මට උන්වහන්සේ මුණගැහුණේ 1995 වසරේදී. ඒ තරම් ඈත කාලයකදී පටන් උන්වහන්සේගේ ඇසුර ලැබීම මා ලැබූ භාග්‍යයක් විදියටයි මම සලකන්නේ. ඒ අවස්ථාවේ උන්වහන්සේ ලග්ගල පල්ලේගම ලේල්ඔය කුටියේ වැඩ වාසය කළේ. එතැන් පටන් භාවනාව සම්බන්ධ උපදෙස් සහ විනය කර්ම පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා මම උන්වහන්සේ මුණගැහෙන්න කිහිප වතාවක්ම ගිහින් තියෙනවා.

2016 වසරේ වස් කාලය ගත කිරීම සඳහා උන්වහන්සේ ගල්ගමුවේ හෙට්ටිආරච්චිගම කුටියට වැඩම කළ බව මට දැන ගන්න ලැබුණා. ඊළඟ වස් කාලය ගත කිරීම සඳහා අපේ ඇත්දළගල ආරණ්‍ය සේනාසනයට පැමිණෙන ලෙස මම එහිදී උන්වහන්සේට ආරාධනා කළා. ඒ ආරාධනය පිළිගත් උන්වහන්සේ 2017 වසරේදී අපේ ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. උන්වහන්සේ වාසය කරන්න කැමැති දොර ජනෙල් නැති කුටිවල. ඒ හින්දා උන්වහන්සේ වෙනුවෙන්ම මම අපේ ආරණ්‍ය සේනාසනයේ විශේෂ කුටියක් ඉදි කළා. එතැනින් පස්සේ අවස්ථා කිහිපයකදී ලග්ගලට වැඩම කළත් වසරේ වැඩි කාලයක් උන්වහන්සේ වැඩ වාසය කළේ අපේ ආරණ්‍ය සේනාසනයෙයි.”

පූජ්‍ය කරන්දෙණියේ ඤාණවීර හිමිපාණන් පවසන ආකාරයට ඒ වන විටත් ඥානදීප හිමිපාණන් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙලා තියෙනවා. කෙසේ නමුත් 2020 වසරේ මුල්භාගය වන විට පිළිකා රෝගය හේතුවෙන් ඥානදීප හිමිපාණන් දැඩි සේ ගිලන්භාවයට පත් වෙලා තියෙනවා. ඒ කාලය පුරාම උන්වහසේව රැකබලා ගත් කරන්දෙණියේ ඤාණවීර හිමිපාණන් ඇතුළු භික්ෂූන් වහන්සේලා ඒ කාලයේදී ඥානවීර හිමිපානන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කළ යුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡා කර තිබීම විශේෂ කාරණයක්.

“උන්වහන්සේ ඇත්දළගලට වැඩම කරන අවස්ථාව වන විටත් බොහොම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වුණා. බණ භාවනා කටයුතුවල ඉතාම හොඳින් නිරත වුණා. නමුත් 2020 වසරේ මුල්භාගය පමණ වන විට උන්වහන්සේ ගිලන් වුණා. ඊට පස්සේ හදිසි අවස්ථාවක කරදරයක් වුණොත් උන්වහන්සේගේ අවසන් කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් සංඝයා අතර ඇතිවුණු කතිකාවේදී අපි තීරණයකට ආවා. ඒ ගැන උන්වහන්සේගෙන්ම අහලා තීරණයකට ආ යුතුයි කියන මතයට තමයි අපි එළැඹුණේ.

එහෙම දෙයක් අපේ සංස්කෘතියේ නැහැ. ඒ හින්දා අපි ඒ ගැන අහන එක අපි එක්ක බණ භාවනා කරන නවසීලන්ත ජාතික ස්වාමීන් වහන්සේ නමකට බාර දුන්නා. උන්වහන්සේ බොහොම කැමැත්තෙන් ඒ ගැන ඥාණදීප ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. එහිදී තමා අපවත් වුණොත් ආදාහන කටයුතු ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේදීම සිදු කළ යුතු බව තමයි උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ.

ඒ වගේම දේහය කොයිතරම් කාලයක් තබා ගත යුතුද කියන ප්‍රශ්නයට ඕගොල්ලන්ට ඕනෑ තරම් කාලයක් තියා ගන්න කියලා සිනහාමුසු මුහුණින් උන්වහන්සේ පිළිතුරු දුන්නා.”

පූජ්‍ය කරන්දෙණීයේ ඤාණවීර හිමිපාණන් අදහස් දැක්වූයේ එහෙමයි.

මේ අතර කාලයේදී උන්වහන්සේට ප්‍රතිකාර කළ දේශීය වෛද්‍ය රංග හර්ෂනාත් මහතාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. එහිදී ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ උන්වහන්සේ පිළිකා රෝගයෙන් පීඩා වින්දත් කිසිදු අපහසුවක් නොදැක්වූ බවයි.

“උන්වහන්සේට ප්‍රතිකාර කරද්දී මට විශාල පහසුවක් වුණා. වෙන රෝගීන්ට ප්‍රතිකාර කරද්දි ලැබුණේ නැති පහසුවක් මට ලැබුණා. උන්වහන්සේ එක කෙඳිරිල්ලක්වත් නැඟුවේ නැහැ. උන්වහන්සේට මම ප්‍රතිකාර කරපු මාස තුනක විතර කාල සීමාව දැඩි වීර්රයක් දරාගෙන ඒකට මුහුණ දුන්නා. උන්වහන්සේ පිළිකා රෝගයෙන් පෙළුණත් කිසිම අවස්ථාවක ඒ වේදනාව පෙන්නුවේ නැහැ.”

ඒ රංග හර්ෂනාත් මහතාගේ අදහස්.

උන්වහන්සේ බුදුදහම වැලඳ ගත් දිනයේ සිටම ඉතාම සැහැල්ලුවෙන් සහ සතුටින් ජීවත් වූ බව අපි සඳහන් කළා. ඒ සැහැල්ලුව සහ සතුට උන්වහන්සේ අපවත්වන අවස්ථාවෙත් දක්නට ලැබුණු බව තමයි ඤාණවීර හිමිපාණන්ගේ අදහස. ලොවටම ආදර්ශයක් වූ ඒ උතුම් සඟරුවන මොලොව ජීවිතයේ ගත කළ අවසන් පැය කිහිපය පිළිබඳව ඤානවීර හිමිපාණන් මතකය අවදි කළේ මේ ආකාරයටයි.

“උන්වහන්සේ සාමාන්‍යයෙන් දානය වළඳන්නේ උදෑසන 07ට විතර. එදා මම තමයි උන්වහන්සේට උපස්ථාන කරන්න හිටියේ. උන්වහන්සේ දවසට එක වේලයි දානය වළඳන්නේ. ඒත් එදා උන්වහන්සේට ඒ වෙලාවේ දානය පිරිනමන්න අපට බැරි වුණා. මොකද ඒ වෙලාවේ උන්වහන්සේට උණ අරගෙන තිබුණා. අපි උන්වහන්සේගේ උණ බලලා බෙහෙත් පෙති දෙකක් දුන්නා. ඊට පස්සේ උන්වහන්සේට නින්ද ගියා.

උන්වහන්සේ නැවත අවදි වෙද්දි උදෑසන 10ට විතර ඇති. මම කිව්වම ඒ වෙලාවේ දානය වළඳන්න උන්වහන්සේ කැමැති වුණා. 10ට තමයි එදා උන්වහන්සේ දානය වැළඳුවේ. උන්වහන්සේ කොහොමත් ඉන්නේ භාවනානුයෝගීව. ඒ හින්දා කවුරුත් ළඟ ඉන්නවට උන්වහන්සේ කැමැති නැහැ. ඒ හින්දා එදත් දානය වැළඳුවාට පස්සේ අපි උන්වහන්සේගේ කුටියෙන් එළියට වෙලා තමයි හිටියේ.

ඊට පස්සේ සවස 2ට විතර සීනුව නාද කරලා උන්වහන්සේ අපිට කතා කළා. ඒ වෙලාවේ හිටපු අපේ හාමුදුරුනමක් ගිහින් උන්වහසේට ඇල්පැන් පූජා කරලා තිබුණා. ඊට පස්සේ සවස 04ට විතර අපි උන්වහන්සේට අලිගැටපේර එකක් පිළිගැන්වූවා. ආයෙත් සවස 06ට විතර ඇල්පැන් පානය කළා. ඒ වෙලාවෙත් උන්වහන්සේට උණ තිබුණා. මේ වස් කාලය අවසන් වනතුරු හෝ උන්වහන්සේ ජීවත් වේවි කියලයි අපි හිතුවේ. රෑ 12ට විතර ඒ වෙලාවේ උපස්ථානයට හිටිය ස්වාමීන් වහන්සේ මට කතා කළා. ඥානවීර ස්වාමීන්වහන්සේට ටිකක් අපහසුයි කියන දේ තමයි මට කිව්වේ. මම එතැනට වැඩියා. ඥානවීර හිමිපාණන් කලින් අපට කියලා දීලා තිබුණු විදියට අපි කලබල නොවී කටයුතු කළා. උන්වහන්සේව රෝහල් ගත කරන්න අපට අවසර තිබුණේ නැහැ. එහෙම කරන්න එපා කියලා උන්වහන්සේ අපට කියලා තිබුණා.

අපි උන්වහන්සේ ළඟට වෙලා පිරිත් සජ්ඣායනය කළා. අනන්තලක්ඛන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය වගේ සූත්‍ර අපි දේශනා කළා. පිරිත් කියද්දී උන්වහන්සේ අපහසුකම් අත්හැරලා අත්දෙක එකතු කර ගෙන අහගෙන හිටියා. එහෙමම උන්වහන්සේ ඇස් දෙක පියා ගත්තා. නින්ද ගියා කියලයි අපි හිතුවේ. අපි දන්නේ නැහැ මනසේ ස්වභාවය.
ආයේ පැයකින් විතර ඇහැරිලා උන්වහන්සේ වටපි ට බැලුවා. ආයේ ඇස් දෙක පියා ගත්තා. අපි විටින් විට උන්වහන්සේගේ ප්‍රෙෂර් චෙක් කළා. ප්‍රෙෂර් එක ටිකෙන් ටික අඩුවෙන බවත් අපිට තේරුණා. උදෑසන 06 විතර අපි චෙක් කරද්දී උන්වහන්සේගේ ප්‍රෙෂර් එක හොඳටම අඩුයි. ඊට විනාඩි දහයකට විතර පස්සේ උන්වහන්සේ අපවත් වුණා කියලයි අපි හිතන්නේ. ඒත් උන්වහන්සේ අපවත් වුණත් මුහුණ හරිම ප්‍රසන්න විදියට තිබුණා. අපවත් වෙලා කියලා හිතන්න බැරි තරමටම. ඒ වෙලාවේ එතැනට ආව සෞඛ්‍ය සේවිකාවක් තමයි උන්වහන්සේ අපවත් වී ඇති බව තහවුරු කළේ. එතකං ඒ බව අපිට හිතා ගන්න බැරි වුණා. පියවි තත්ත්වයෙන් ඉන්නවා වගේම උන්වහන්සේ පියකරු ආකාරයෙන් වැඩ සිටියා. කිසිම කරදරයකින් තොරව උන්වහන්සේ අවසන් හුස්ම හෙලූ බව නම් එතැන හිටිය අපි හැමදෙනාම ඉතාම හොඳින් දැක්කා.”

කරන්දෙණියේ ඤාණවීර හිමියන් අදහස් දැක්වූයේ එහෙමයි.

බුදුරජාණන් වහන්සේ පැවසූ ලෙසින්ම ජීවත් වන ආකාරය වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ ඥානදීප හිමිපාණන් ජීවත් වූ කාලයේදී මෙන්ම කිසිදු මානසික අපහසුතාවයකින් තොරව අපවත් වීමටත් භාග්‍යවන්ත වී තිබුණා. වසර ගණනාවක් පුරා උන්වහන්සේට උපස්ථාන කරමින් රැක බලා ගත් කරන්දෙණියේ ඤාණවීර හිමිපාණන් සඳහන් කරන්නේ ඩෙන්මාර්කයේ ඥානදීප හිමියන් අරිහත්භාවයට පත් වූ බව තම විශ්වාසය බවයි.

“උන්වහන්සේ වචනයෙන් නෙවෙයි ආදර්ශයෙන් ධර්මය කියා දීපු උත්තම හිමිනමක්. මම නම් නැවත මනුස්ස ලෝකයේ උපදින්නේ නැහැ කියන එක උන්වහන්සේ නිතරම ප්‍රකාශ කළා. තමන් සුද්ධාවාසයේ උපදිනවා කියන එකත් උන්වහන්සේ ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කරන්න හැමෝටම බැහැ. ඒ හින්දා උන්වහන්සේ අනාගාමී ඵලයටත් එහා ගිහින් අරිහත්භාවයට පත් වුණා කියලයි මම විශ්වාස කරන්නේ.”

ඒ කරන්දෙණියේ ඤාණවීර හිමිපාණන්ගේ අදහස්.

ඤාණවීර හිමිපාණන් පැවසූ දේ සත්‍ය යැයි අපටත් හැඟී යන්නේ ආදාහනය සිදු කරන අවස්ථාවේදී ඥානදීප හිමිපාණන්ගේ දේහයෙන් දුටු විස්මයජනක සංසිද්ධීන් මතයි. ඒ පිළිබඳව ඇසින් දුටු භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරනවා.

එමෙන්ම මෙරට ආරණ්‍යවාසී භික්ෂු පරපුරට වටිනා සේවයක් සිදු කරන ඇත්දළගල භික්ෂූ ගිලන් මධ්‍යස්ථානය පිළිබඳවත් ඔබ නොදත් බොහෝ තොරතුරු අප සතුව තියෙනවා. තවත් සතියකදී ඒ සියල්ල කතා කිරීමට අප සූදානම්.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පළමුවරට රැස්වීමකට සහභාගී වෙන්න හෙට ජනපති පාර්ලිමේන්තුවට

Next Post

තමන්ට ඕනෑ හැටියට වැඩ කරන්න ගිහින් පොහොට්ටු මන්ත්‍රී ජගත් කුණු බිත්තර පාර කයි (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.