ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කොට ඇත.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී එම සංවිධානය පෙන්වා දුන්නේ ලොව අතිමහත් බහුතරය මෙම කොරෝනා වසංගත තත්ත්වයේ අවදානමට මුහුණ දි සිටින බවකි.
ලොව පුරා සිටින පුද්ගලයින් තුන් කෝටි පනස් හය ලක්ෂයකට වඩා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව මේ වනවිට තහුවරු වී ඇත.
නමුත් ලොව පුරා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති පුද්ගලයින් ගණන එම සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.










