ඉන්දුනීසියාවේ, ටැනිම්බාර් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, එරට වේලාවෙන් අද (10) අලුයම 2.47ට පමණ භූ කම්පනය සිදුව ඇති බවයි.
භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම්ක් ද නිකුත් කිරීමට ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය පියවර ගත්තේ ය.
කෙසේ වෙතත් මුහුදු මට්ටමේ සැළකිය යුතු වෙනසක් වාර්තා නොවූ බැවින් මේ වනවිට එම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇතැයි ද සඳහන් ය.
භූමිකම්පාවෙන් පසු කම්පන හතරක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එය උතුරු ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට ද දැනී තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ, භූ කම්පනයෙන් එරට ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවයි.
තවමත් භූමිකම්පාවේ බලපෑමේ සම්පූර්ණ ප්‍රමාණය පරීක්ෂා කරමින් සිටින බව ද ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය වාර්තා කළේ ය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.