ලොක්ඩවුන් වී සිටි සමයේදී ජනතාව වැඩි වශයෙන් නිවෙසට වී ජල, විදුලි, දුරකතන පහසුකම් භාවිත කළ බවත්, ඒ ජනතාව වෙනුවෙන් එකවර මාස 3ක බිල්පත් නොයවා කිසියම් වට්ටමක් එම බිල්පත්වලට ලබා දිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා සදහන් කළේය.
එමෙන්ම දින 50ක් යන තෙක් රටේ ජනතාවට රුපියල් 5000ක් හෝ ලබා දීමට ආණ්ඩුවට නොහැකි වූ බවත්, ඉකුත් ආණ්ඩුව ගංවතුර ආපදාවේදී බිලියන 1.7ක මුදලක් ඉල්ලුම්පත්‍ර හෝ නොමැතිව ජනතාවට බෙදාදුන් බවද කීය.










