• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලුණුගම්වෙහෙර බෙරලිහෙල ඉස්කෝලේ දරුවන් ඊයේ ප්‍රීතියෙන් පිනාගියේ ඇයි? අපේ ඉස්කෝලේට කොම්පියුටර් 5ක් විපක්ෂනායකතුමා අරගෙන ආවා! අපේ දරුවන්ට මේ කාලේ විශාල උදව්වක්! ගුරුවරියන් එහෙම කියද්දි විපක්ෂනායක කිව්වේ මොකද්ද? VIDEO & PHOTOS

March 29, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ලුණුගම්වෙහෙර බෙරලිහෙල ඉස්කෝලේ දරුවන් ඊයේ ප්‍රීතියෙන් පිනාගියේ ඇයි? අපේ ඉස්කෝලේට කොම්පියුටර් 5ක් විපක්ෂනායකතුමා අරගෙන ආවා! අපේ දරුවන්ට මේ කාලේ විශාල උදව්වක්! ගුරුවරියන් එහෙම කියද්දි විපක්ෂනායක කිව්වේ මොකද්ද? VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

සමහර පිරිස් සක්වල වැඩසටහන හෑල්ලුවට ලක් කරමින් විවේචනයට ලක් කරන බවත් ඔවුන් මෙය වැඩකට නැති වැඩසටහනක් හා පුංචි මුදලක් ජනතාවට ලබා දී ජනතාව රටවන බව පැවසුවත් ඔවුන්ට කියන්න ඇත්තේ අගනුවර වායුසමීකරණය කළ කාමර ඇතුලේ සිට හුස්ම, සක්වළ වැඩසටහන්වලට විවිධ කතා ගොතනවා වෙනුවට ගමේ පාසල්වලට ගොස් එහි සැබෑ තත්ත්වය දෙස බලන ලෙසට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (28) හම්බන්තොට ලුණුගම්වෙහෙර බෙරලිහෙල විද්‍යාලයේ දී පැවැති සක්වල වැඩසටහනේ තවත් අදියරකට සහභාගී වූ අවස්ථාවේදීය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 24 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අදියර විසි තුනකදී සක්වල හරහා රුපියල් ලක්ෂ 18,805,650.00ක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු පරිත්‍යාග කොට තිබේ.

එමෙන්ම සක්වළට සමගාමීව පාසල් හැත්තෑවක් සඳහා රු.339,200,000.00ක් වටිනා බස්රථ 70ක් පාසල් සඳහා පරිත්‍යාග කොට තිබේ.

මැතිවරණ වේදිකාවල නව තාක්ෂණ හා ඩිජිටල් විප්ලව ගැන කතා කළත් එය මහපොළොවේ යථාර්ථයක් කිරීමට ඔවුන්ට අදහස් නොමැති බවත් ඔවුන්ගේ දුවා දරුවන්ට ඇති තරම් පරිගණක, අයිපෑඩ් ආදිය තිබෙන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ ඩිජිටල් විප්ලවය මහපොළොවේ යථාර්ථයක් වීම අවශ්‍ය බවද විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ රජයේ පාසල් 10155ක් පවතින බවත් එම පාසල් සියල්ල තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන බවට පරිවර්තනය කිරීමේ පුංචි පියවරක් ලෙස සක්වළ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටක ආර්ථික වර්ධනයත් රටේ අධ්‍යාපනයත් අතර සමීප සම්බන්ධතාවක් ඇති බවත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක ආර්ථීක දියුණුව නවතාලීමට කිසිදු බලවේගයකට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම දුප්පත්කම පෝසත්කම නැතිකම ඇතිහැකි කම වගේ සමාජ බෙදීම් තිබෙන අප සමාජයේ අධ්‍යාපනයේ බෙදීමක් තිබීම තිබෙන බවත් ඇති හැකි අය ජාත්‍යන්තර පාසල් පෞද්ගලික පාසල්වලට ගොස් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය ආදිය හැදැරුවත් රජයේ පාසල් තුළ ඇත්තේ පැරණි විෂය නිර්දේශ බවත් ඒ නිසා අහිංසක පවුල්වල දුවාදරුවන් තවදුරටත් අසරණ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය. එබැවින් මෙම අධ්‍යාපනයේ බෙදීම අවසන් කිරිමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

තෙල් සේවකයෝ එළියට බසිති…! තෙල් හිඟයක්…?

Next Post

ඊයෙ රෑ රට පුරාම තෙල් පෝලිම්! තෙල් බෙදන්න හමුදාවත් එයි! VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.