ලිට්‍රෝ ගෑස් ගෙන්වීමේදී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු හිටපු සභාපති චරිත හේරත් මහතා අද දිනයේදී නැවත අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.
ආර්ථිකය විශාල අර්බුදයකට පැමිණි අවස්ථාවේ මේ දේවල් කරන්නේ ඉතාමත් සකසුරුවම් ලෙස,නමුත් අපිට විවිධ පාර්ශවයකින් චෝදනා එල්ල වුණා,ගෑස් නොමැතිව මිනිසුන් ඉතාමත් ආතතියකින් පෙළුණා,ඒ අවස්ථාවක මෙම ආතතියෙන් එළියට යෑමට උවමනා වුණා. මේ එළියට යෑමට දරන උත්සාහයදී විශාල වංචාවක් වුණා කියලා මට විස්වාසයි,ඒක ..එක ආණ්ඩුවක් එක පුද්ගලයෙක් එක ඇමතිවරයෙක් සම්බන්ධව නෙවෙයි නමුත් දත්ත පිළිබඳ සැලකිලිමත් වීමේදී ඒ පිළිබඳ දැනෙනවා.
පාර්ලිමේන්තුවේ කමිටුවක් ලෙස අපිට මේක දැනුනා මෙ පිළිබඳව පරීක්ෂණයක් කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුවට අපි බාර දීලා තියෙනවා.විගණකාධිපති දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙනවා ඒ පිළිබඳ වාර්තාවක් සපයනවා කියලා,මගේ පැහැදිලි මතය තමයි ටෙන්ඩර් එක ඇතුලෙ පැහැදිලි අක්‍රමිකතාවයක් තියෙනවා කියන එක,මෙහිදී A කියන ටෙන්ඩර් එක ඉදිරිපත් කරපු කෙනාට ලබා දීලා තියෙන්නේ may 27, B කියන ටෙන්ඩර් එක වැඩි ගානට ඉදිරිපත් කරපු කෙනාට ලබා දීලා තියෙන්නෙ 19 වෙනිදා,ඇයි මෙහෙම වෙන්නේ එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා, නමුත් ආර්ථික අපහසුතාව ඇති වෙලාවේ ලබාගත් ඩොලර් ප්‍රමාණය, economically,පිරිමැස්මෙන් පාවිච්චි කළාද කියන එක ගැන සොයන්න රටේ ජනතාවට, පාලකයන්ට වගකීමක් තියෙනවා,මෙහිදී ආණ්ඩු මාරු වෙලා තිබෙනවා,එතන සභාපතිවරු මාරු වෙලා තියෙනවා,ඇමතිවරු මාරු වෙලා තියෙනවා,අද අපි මේක සලකන්නෙ තනි පුද්ගලයෙක් ලෙස නෙවෙයි මුළු රටක් ලෙස.
ඒ වගේම මේකට විසඳුමක් අනිවාර්යෙන්ම අපි දෙනවා. එහිදී විගණකාධිපති වාර්තාව ලැබුණු වහාම,මම කෝප් කමිටුවේ සිටියත් නැතත් මේ පළිබඳව වහාම පාර්ලිමේන්තු විවාදයක් සිදු කරනවා.
සභාපතිවරයා පැවැත්වූ සාකච්ජාව!










