අම්පාර ලාහුගල ප්‍රදේශයේ විශාල වන විනාශයක් සිදු වන බවත් මේ වනවිට අක්කර 60ක් පමණ එළිකර ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
කරංකෝව, සෙංගමුව,ආමවට්ටුවාන්, උරුතුමලේ යන ප්‍රදේශවල වනාන්තර ඉතා සංවිධානාත්මකව යාන්ත්‍රික කියත් උපයෝගි කොට එළිපෙහෙළි කර ඇත.
ලාහුගල වන සංරක්ෂණ කලාපයට අයත් වනාන්තරවල අක්කර 2000ක පමණ වපසරියක් ඇති බවත් එම වනාන්තරවල තැනින් තැන හෙළිපෙහෙළි කර ගවගාල් පවත්වාගෙන යන බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.










