ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ලසන්ත ඝාතනයේ වගකිව යුත්තන්ට දඩුවම් කොට, යුක්තිය ඉටු කරන්නැයි, ජනපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි. Sri Lanka Latest News
ජනාධිපති ධූරය සදහා අනුර කුමාර දිසානායක මහතා පත්වීම සම්බන්ධයෙන් ඈ සිය සුබ පැතුම් ඔහු වෙත පුදකර සිටින්නී ය.
ලසන්ත ඝාතනය වසර පහළොවකට පමණ පෙර දී සිදු වූවක් වුවත්, සිය පියාගේ ඝාතනයට යුක්තිය ඉල්ලා සිදු කරන සටන අත් නොහරින බව අහිම්සා සිය ලිපියේ සදහන් කර තිබේ.
එමෙන්ම, ජනාධිපති ධූරයට අනුර කුමාර දිසානායක මහතා පත්වීම යුක්තිය වෙනුවෙන් වූ බලාපොරොත්තු ඉහළ නැංවීමට හේතු වූ බවද ඈ පවසන්නී ය.
ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර්ට, පෝද්දල ජයන්තට පහර දීම, කප්පම් ගැනීම සදහා පාසල් සිසුන් 12 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ආදී සිදු වීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට තමන් කැපවෙන බවට ජනපති අනුර දිසානායක මහතා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ පොරොන්දු වී තිබුණි.










