මහනුවර – පේරාදෙණිය මාර්ගයේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසලකට පසුගිය 20 වැනිදාපැමිණි පිරිසක් එහි තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා නිල් මැණිකක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
සොරාගත් නිල් මැණිකේ පෙනුමට සමාන ලෙස වර්ණ ගැන් වූ ව්‍යාජ ගලක් රැගෙන පැමිණ ඇති එම පුද්ගලයින්, ඉතා සූක්ෂම ලෙස එම ගල මාරුකර නිල් මැණික සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් නිල් මැණික පරීක්ෂා කර අනතුරුව එය මිලට ගැනීමට යළි පැමිණෙන බව දන්වමින් පිටව ගොස් ඇති අතර, ඔවුන් පිටවගොස් පැය කිහිපකට පසු වෙළෙඳසල් හිමියාට පැමිණි පිරිස සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා.
ඒ අනුව වෙළෙඳසල් හිමියා එය ව්‍යාජ මැණිකක් බවට හඳුනාගෙන, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.
ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් පිළිබඳ හා ඔවුන් පැමිණි වාහනය සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
dasathalankanews










