විදෙස් රටක සිට පැමිණ බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායන වෙමින් සිටී වාරියපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට යුද්ධ හමුදා නිලධාරියකු සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි නාගොඩ රෝහල් පොලිසිය පැවසීය .
මෙලෙස පහර කෑමකට ලක් ඇතැයි කියන සම්පත් එදිරිසිංහ නැමැති පුද්ගලයා කුවේට් සිට මෙරටට පැමිණි කණ්ඩායමක අයෙකු වන අතර එම සංචාරක හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව සිටින ගාල්ල ප්‍රදේශයේ හමුදා කඳවුර කින් පැමිණ ඇති නිලධාරියකු මෙම පහරදීම සිදු කර ඇතැයි පැවසේ .
නිරෝධායනය වෙමින් සිටී එම පුද්ගලයා ඊට අදාළ ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂ අනු දහසක මුදලක් එම හෝටලයට ගෙවා ඇති බවත් එහිදී සේවා සැපයීමේදී සිදුවී තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් ඇති වූ කතා බහක් මෙම පහර කෑමට හේතු වී ඇතැයි සඳහන් කරයි .
එම පහර කෑමට ලක්වූ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයාගේ එක් කන්බෙරය එකට මෙයින් හානි සිදුවී ඇතැයි ඔහු පරික්ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර ඇතැයි රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය .
කළුතර නාගොඩ රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී න එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇතැයි කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල මහතාගෙන් කළ විමසීමේදී පැවසීය.










