රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන තවත් තරඟයක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ, දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙම තරඟාවලියේ මීට පෙර සහභාගී වූ තරඟ 02 ම ජය ගැනීමට සමත් වුණා.
එහිදී ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණේ ලකුණු 38 කින්. එංගලන්ත ලෙජන්ට්ස් කණ්ඩායමට එරෙහි තරඟයෙන් කඩුළු 07 ක පහසු ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.