මාදුරු ඔය රක්ෂිතයෙන් හමු වූ ‘සුදු අලියා’සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව ඌ සාමාන්‍ය අලියකු බව සොයා ගැනීමට සමත්ව ඇත.
එහිදී වනජීවි නිලධාරීන් මෙම අලියා රක්ෂිතයේ ජලාශයට බැස්සවීමට කටයුතු කර ඇති අතර ඊට බැස දිය නෑමෙන් පසුව සුදු පැහැය නැති වී ගොස් සාමාන්‍ය අලියෙකුගේ පැහැයට පත්ව ඇත.
මැටි හෝ යම් දෙයක් ඇගේ ගා ගැනීම නිසා අලියා සුදු පැහැයෙන් පෙනෙන්නට ඇති බව පවසන වනජීවී නිලධාරීන් මේ වනවිට මාදුරු ඔය රක්ෂිතයේ ඇති එවැනි මැටි වළවල් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇත.



ඡායාරූප බුද්ධික විදානගේ










