ආර්ථික ප්‍රපාතයකට වැටී ඇති රට යළි ගොඩගැනීමේ සමගි ජන බලවේගයේ ආර්ථික සැලැස්ම අද දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට හමුවේ තැබීමට නියමිතය.
ඒ, අද සවස කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන රටේ සිටින ප්‍රබල ව්‍යාපාරිකයන් සමග පැවැත්වෙන හමුවකදීය.
මෙම රැස්වීම නම් කොට ඇත්තේ “The Blue Print’ යනුවෙනි.
විපක්ෂනායකවරයාට අමතරව මෙහි ප්‍රධාන දේශකයන් වනුයේ ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමත්න සහ ආචාර්ය රොහාන් පල්ලේවත්ත යන මහත්වරුන්ය.











