දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් පිල පරාජයට පත් කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්හ.
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් ලබා ගත්තේ ලකුණු 125ක් පමණි.
එම ලකුණු ප්‍රමාණය පන්දුවාර 17.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලබාගැනීමට ලංකා පිල සමත් විය.
මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් වේගපන්දු යවන නුවන් කුලසේකර කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.










