ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලංකාව සමග කිසිදු සාකච්ජාවක් පවත්වා නොමැති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාෂා හයාෂි මහතා සදහන් කොට ඇත.
සිරිත් පරිදි සිදු කරන මාධ්‍ය හමුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.
කෙසේවෙතත් මේ මස මුලදී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමුලුවක් පැවැත්වීම සදහා ජපානය සූදානමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කොට තිබිණ.
නම හෙළි කළ නොහැකි මූලාශ්‍ර මේ බව ප්‍රකාශ කොට ඇති බව කියමින් රොයිටර් පුවත් සේවයම එම පුවත වාර්තා කොට තිබිණ.
කෙසේවෙතත් අද දිනයේදී රොයිටර් පුවත් සේවය වෙතම ප්‍රකාශයක් ලබා දෙමින් ජපාන විදේශ අමාත්‍යවරයා ලංකාව සමග වෙනත් සාකච්ජා පැවැත්වුණත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමුලුවක් තැබීම පිළිබදව කිසිදු සාකච්ජාවක් සිදු කොට නැති බව ප්‍රකාශ කොට තිබීම විශේෂ සිදුවීමකි.










