• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ජනප්‍රිය නළුනිළියන් මහපාරේ බිලිගන්න අද්භූත මාරයා කව්ද?

August 10, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
ලංකාවේ ජනප්‍රිය නළුනිළියන් මහපාරේ බිලිගන්න අද්භූත මාරයා කව්ද?
Share on WhatsAppShare on Facebook

රූපවාහිනී සේවා නොවූ ඒ සමයේ ප්‍රවෘත්ති කඩිනමින් සන්නිවේදනය කිරීමේ ඒකායන මාර්ගය ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. මුල් කාලයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය වුවද පසුව සංස්ථාවක් වූයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නම් වූවේය. උදේ 6.30ට (උදෑසන), දවල් 12.45ට (මධ්‍යහ්න), සවස 6.00ට (සන්ධ්‍යා) සහ පස්වරු 9.00ට (රාත්‍රි) යනුවෙන් සිවුවරක් ප්‍රචාරය වූ ප්‍රවෘත්ති අසා දැන ගැනීමට ගුවන්විදුලි යන්ත්‍රයක් (රේඩියෝවක්,) කුමාරතුංග මුණිදාසයන්ගේ වදනින් නම් ‘රෙදෙව්ව’ – (රැව්දෙන හෙයින්) ළඟට මුළු දෙවී (රැස්වී) ඒ ප්‍රවෘත්ති ප්‍රචාරය අවසන් වූ වහාම 1970 දශකයේ මුල් කාලයේදී විශේෂයෙන්ම ප්‍රචාරය වූ රජයේ නිවේදනයක් තිබිණි.

ඒ වාහන පැදවීම සම්බන්ධයෙනි.

‘අතට ගත්විට ඔබ රථේ – ඉගිලිලා නොයනු,’
සලකනු මග සලකුණු, හොඳින් පිළිපදිනු..
රියැදුරන්ගේ නොසැලකිල්ලෙන්, බිහිසුණු දෙය සිදුවේ.
“රථය ගන්න, ගමන යන්න ඉක්මන යයි කොටවී ”
ආදී වශයෙන් ගැයුණු ඒ “ගැයේ” අන්තර්ගතය “වේගය මරුවා කැඳවයි” යන්න කියාදීම පමණක් නොව මගියන්ගේද ආරක්‍ෂාවයි. එසේ නොවුණහොත් පාරේ ගමන් කරන්නන් (මගියන්) සේම ඔවුන්ගෙන් යැපෙන්නන්ද සදහට අසරණ බව පැවසිණි.

වර්තමානයේ මහජනයා විසින් “මග මරුවෝ” යැයි හඳුන්වනු ලබන (ඇතැම්) “ත්‍රිරෝද රථ රියැදුරන්” නොදක්නා ලද එකල ඒ නාමය පට බැඳී උන්නෝ ඇතැම් කුලී රථ (රෝද හතරේ) රියැදුරෝය.

“මග මරුවා ට්‍රැවල්ස්” හෙවත් (ඇතැමුන් කියන) පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව “ජේ. ආර්.ගේ” එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 1977 බලයට පත්වීමෙන් අනතුරුව ස්ථාපනය කෙරුණකි. එහි අරමුණ මහජන සේවය සලසනවාටත් වඩා දුරදිග සිතූ සංකල්පයකි. ඒ ලංකා ගමනාගමන මණ්ඩලය අඩපණ කිරීමය.

ලං.ග.ම. සේවක පිරිස සියයට සියයක්ම (100%) පාහේ සමසමාජ සහ ශ්‍රී ලංකා නිදහස් යන දෙපක්‍ෂයේ ප්‍රබල ආධාරකරුවෝ වූ බැවින් ජේ. ආර්.ගෙ ආණ්ඩුවෙන් හයියෙන් ‘කිඹුහුමක්” ඇරියත් “ස්ට්‍රයික්” කරන්නට ඔවුහු බලා උන්හ. (එක අවුරුද්දක දින තුන්සිය හැටපහක (365) කාලයක් තුළ ඇන්. ඇම්.ගේ මෙහෙය වීමෙන් වර්ජන දෙසිය විසිතුනක් (223) කළ බව ඒ දිනවල ප්‍රසිද්ධ කතාවකි. ඒ හෙයින් මගේ සැමියා නොමරා මැරුවේ ඇන්. ඇම්. යැයි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රසිද්ධියේම කීවාය.)
මේ රටේ රිය අනතුරු ගණන වැඩි වර්ධන අගයක් වාර්තා වූයේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව ආරම්භ කිරීමෙන් වුවත් ඒ සංඛ්‍යාව“නහුතය”පහු කළේ ත්‍රිරෝද හෙවත් “ආටා” පාරට බැස්සාට පසුවය.

ඔය කරුණු ටික කීවේ මේ රටේ රිය අනතුරු වර්ධනය ගැන යම්තමින් හෝ හැඟීමක් ඇති කරවීම පිණිස විනා එවන් අනතුරුවල ආරම්භය හා පරිණාමය දැක්වීමට නොවේ.
පරිසර දූෂණය ඇති වූයේ ගින්දර සොයාගත්දා පටන් මෙන්ම රිය අනතුරු ආරම්භ වූයේද මිනිසා ලී කොටයක් උඩ යමක් තබා තල්ලු කරමින් ප්‍රවාහන සේවය ආරම්භ කළදා පටන්ය. ඉඳින් එදා මෙදාතුර ඒ මගින් මියගිය සංඛ්‍යාව ගණන් පදම් නැතිමුත් මේ වන විට උතුරු නැඟෙනහිර තිස් අවරුදු යුද්ධයෙන් මියගියාටත් වැඩි පිරිසක් මියයන බව නම් කියති. විවිධ තරාතිරමේ පුද්ගලයෝ රිය අනතුරුවලින් මියගියහ. තුවාල ලැබූහ. ආබාධිත වූහ.

මා අසූව දශකයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රාජකාරි කරන සමයේ වර්තමාන පළාත් සභා ගොඩනැඟිලි සංකීර්ණය ආසන්නයේදී අඩි සියයක් (100) තරම් පළල මහාමාර්ගයේ ජනශූන්‍ය මහ රාත්‍රියක (මට මතක අන්දමට) ඩයිහට්සු ජීප් රථයත් ගැටී මහජන මන්ත්‍රීවරයකු වූ රටක් වටින සරත් මුත්තෙට්ටුවේගම මියගියේය.

පොඩිවී ගිය ජීප් රථය මාර්ගයේ අනෙක් පැත්තට විසිවී තිබූ අන්දම අදහාගත නොහැකි තරම් විය. අනතුර අධික වේගය නිසා බව කියැවිණි. ට්‍රක්රථයක ගැටුණු බවද පැවැසිණි. මරණය ඝාතනයක් බවටද රාවයක් පැතිර යන්නට විය.

ඒ හා සමාන අන්දමට තවත් ආන්දෝලනාත්මක වූයේ රාජ්‍ය ඇමැතිවරයකු වූ ශ්‍රීපති සූරියආරච්චිට මරු කැඳවූ මාරක රිය අනතුරයි. ඒ සම්බන්ධවද කතා රැසක් සමාජගත වුවත් අධික වේගය මරණයට හේතුව බව තීරණය වූ බව දැනගන්නට ලැබිණි.

එවකට බුලර්ස් පාරේ වර්තමාන බෞද්ධාලෝක මාවතේ විගණකාධිපති දෙපාර්තමේන්තුව අසල බස් නැවැතුමේ ටකරං කුටියට හැත්තෑව දශකයේ එක් මැදියමක කඩා පිනූ සුඛෝපභෝගී මෝටෝ රථයක හැටි ස්වභාව උදේ පාන්දරම කාර්යාලයට (විගණන) ගිය අපට දක්නට ලැබිණි.
කුටියේ රාමුව වෙනුවෙන් ඇටවූ යකඩ කූරක් ඉදිරි පස ‘වින්ඩ්ස්ක්‍රීන්’ එක බිඳ “සුක්කානම” අතරින් රථය ඇතුළට ගොස් තිබිණි. ඒ යකඩ කූර එවකට රටේ ආන්දෝලනාත්මක චරිතයක් වූ ‘ගිරිජා රාජපක්‍ෂ’ නමැත්තාට මරු කැඳවා තිබුණේය.

සිනමා ලෝකයේ මහ රාජිනිය යැයිද, ගායක ලෝකයේ ගීත කෝකිලාව යැයිද විරුදාවලිය ලද රුක්මණී දේවි රිය අනතුරකින් මියයෑම මුළු ලංකාවම කම්පා කළ සිද්ධියක් වූවේය.

ඇය චිත්‍රපටයක රූගත කිරීමකට හෝ සංගීත සංදර්ශනයකට හෝ ගොස් එමින් සිටි මැදියම පසු කළ රෑ යාමේ ඒ මාරක රිය අනතුර ජා-ඇළදී සිදුවී තිබිණි. දිනය හරියටම 1978 ඔක්තෝබර් 28 වැනිදාය.

රුක්මණී (ඩේසි අක්කා) අපේ සිත්තුළ අමරණීය සිහිවටනයක් වී ඇත්තේ ලංකාවේ 1947 තිරගතවූ ප්‍රථම කතා නාද (නළු නිළියන් කතා කරන) චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමය. ඕ මියයන විට පනස්හතර හැවිරිදි (54) වූවාය.

ඒ මරණය අප කාගෙ කාගේත් පපුවට වැදුණකි.

‘ග්‍රැන්විල්’ගේ මරණයද එසේමය. ඔහු ග්‍රැන්විල් රොඩ්රිගුය. ග්‍රැන්විල් වේදිකාවත්, සිනමාවත්, පුංචි තිරයත් දෙවනත් කළ කෙනකි.

අනෙක් තැනැත්තා ‘සාජන්ට් නල්ලතම්බි’ය. අදත් සාජන්ට් නල්ලතම්බි වෙදිකාගත වේ. එහෙත් ඒ නිර්මාණය කළ ප්‍රධාන චරිතය රඟපෑ ‘නිහාල් සිල්වා’ නැතිවය.
සාජන්ට් නල්ලතම්බි අපට අහිමි වූයේ අසූනවය තරමේ භීෂණ සමයේ මහ රෑක දෙරැහැ මැදදීය. ඒ සමයේ මහා මාර්ගයේ මුර කපොලු තිබිණි. ඇතැම් තැනෙක පොලිස් මුර කපොලුය. තවත් තැනෙක හමුදාවෙනි. නිහාල් සිල්වා (සාජන්ට් නල්ලතම්බි) පදවාගෙන ආ රථයට ගාලුපාරේ විලියම් ග්‍රයින්ඩිං මිල්ස් හරියේ තිබූ හමුදා මුර කපොල්ලකදී නවතින්නට නියෝග කර තිබේ. ඒ අණ ඔහුට ඇසී නැතැයි අයෙක් කියති.

එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ අගමැති ආර්. ප්‍රේමදාස යන දෙදෙනා ඉතා කිට්ටුවෙන්ම ඔහු විසින් ඇසුරු කරනු ලැබූහ. ඒ නිසා හෙතෙම අණ නොතකා රථය ධාවනය කෙළේ යැයි තවත් අයෙක් කියති.

ඒ දෙකින් කවර ප්‍රකාශයක් නිවැරැදි දැයි යන්න නම් නොදනිමු. එහෙත් හමුදා අණ නොතකා රිය පැදවීමේ හේතුව නිසා තබන ලදැයි කියන වෙඩි තැබීමෙන් සාජන්ට් නල්ලතම්බි හෙවත් නිහාල් ද සිල්වා අපහැර ගියේය.

රමණී බර්තොලමියුස්ද මියගියේ රිය අනතුරකින් බව කියයි. කමල් අද්දරආරච්චි ගැනද ඒ සම්බන්ධව කියැවුණා සේය.

බුදුන් වහන්සේ බණ වදාරන කල්හි වර්තමාන කතාවට ඈඳුණු අතීත කතාවද දෙසූහ. ඒ පූර්වාපර සන්ධි ගලපා කරුණු පැහැදිලි කිරීමටය.

කලා ක්‍ෂේත්‍රයේ දැවැන්ත ශිල්පීන් විවිධ හේතූන් නිසා අප අතරින් වෙන් වූවා සේම ශාරීරික හා මානසික පීඩා අත්විඳ ඇතිබව ගැන කීමට අවශ්‍ය තරම් අප උරුම උපහැරණ ඇති බැව් දැක්වීමටය.

ඒ තීධාන (අතීත) කතා සිහියට ආයේ වැඩිහිටි ප්‍රවීණ නිළි “හයසින්ත් විජේරත්න”ද අප හැරදා පසුගිය තිස් වැනිදා (30දා) නොඑන ගමන් ගිය බැවිනි. ඇය එසේ ගියේ තලවකැලේ, ළිඳුල ප්‍රදේශයේදී මහ රාත්‍රියකය.

අසන්නට ලැබුණු අන්දමට රථය පදවා ඇත්තේ අවුරුදු විස්සක තරමේ පොඩි කොල්ලෙකි. තනිපංගලමේ එනවිට ඔහුට නින්දගොස් ඇතැයි පැවැසේ.

ප්‍රසිද්ධ ගායිකාවක සහ රියැලිටි වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවලද සිටින උමාරියා සිංහවංශ පැදවූ බව කියන රථයද පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අනතුරකට මුහුණ පෑවේය. ඉන් එක් අයෙක්ට බරපතළ අන්දමට තුවාල සිදුවූ බව ප්‍රකාශිතය. උමාරියා සිංහවංශ ඇප පිට මුදාහැර ඇතැයි දැනගන්නට ඇත.

අපේ මහා සංගීතවේදී පණ්ඩිත් අමරදේවයන් සමගද ඇය ගීයක් ගැයූ අයුරු සඳහන් කරනු වටී.

කවුරුත් “පබා” යැයි හඳුන්වන උපේක්‍ෂා ස්වර්ණමාලිද කොළඹ සිට කටුගස්තොටට පසුගිය දිනෙක ගොස් ඇති අවස්ථාවක ඇගේ අතින් කෙනකු අනතුරකට පත්ව ඇතැයි සමාජගතව ඇත. සිද්ධිය පොලිසියටද වාර්තා වී තිබේ.
එහෙත් සංචරණ සීමා ඇයට නැත්දැයි අයෙක් අසති.

අද රටේ ගායක, ගායිකාවෝ, නළුවෝ, නිළියෝ පමණක් නොව මහේස්ත්‍රාත්වරුද රිය පදවති. වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු, නීතිඥයෝ යන ඔය කියන තනතුරුධාරීහු කවුරුත් රිය පදවති.

එපමණක් නොව නිවෙසේ සිටින විට කුස්සියට රිංගා පවුලේ අය සමග ඉවුම්-පිහුම් කරන්නෝද ඒ අතර සිටිති. ඒ වන විට (ඒ අවස්ථාවල) ඔවුහු අර කියන තනතුරු දරන්නෝ නොවෙති. රිය අසුනේ ඉඳගත් විට හෙතෙම රියැදුරෙක් වන්නේය.

ගෙදර දොරටුවෙන් ඇතුළුවූ කල්හි දරුවන්ගේ මව හෝ පියා හෝය. නැතහොත් බිරිය හෝ බරුවා (සැමියා) හෝය. අර තනතුරු එල්ලාගෙන සිටින්නේ නැත. දැනගන්නට අවශ්‍ය ඒ වෙලාවේ කරන කටයුත්ත ගැන පමණි.පුල පුලා උන්නෙමු.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කිරිපිටිවලට ගහපු ඔක්කොම බදු අයින් කරයි!

Next Post

ගෑස්-කිරිපිටිවලට දැනටමත් පෝලිම්! ඉන්ධන හිඟයකුත් අත ළඟ! සජිත් පෝලිම් යුගය සිහි කරයි!

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.