• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ කෝටිපති කිරුලට ‘ධම්මිකට එරෙහිව ඉෂාර’ මහා සටන

February 1, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවේ කෝටිපති කිරුලට ‘ධම්මිකට එරෙහිව ඉෂාර’ මහා සටන
Share on WhatsAppShare on Facebook

ඇය මිලදී ගත් සුරතල් බලු පැටියාගේ මිල ඇමෙරිකානු ඩොලර් 45,000ක් නොහොත් ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් ලක්‍ෂ 90කි. ලොව මෙතෙක් වැඩිම මුදලකට අලෙවි වූ එම සුනඛයා, විශේෂිත අභිජනන වංශයකට අයත් සත්වයකු විය. රුපියල් ලක්‍ෂ 90කට බල්ලෙකු මිලදී ගත් මේ අපූරු ගැහැනිය කවුද? ඇය ලොව සිටින අති සුවිශේෂී චරිතයකි. එනම් ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ ප්‍රකාශනයට අනුව ඇය දැනට ලෝකයේ සිටින අංක එකේ තරුණ ප්‍රකෝටිපතිනිය වෙයි. තවද 23 වැනි වියෙහි පසුවන ඇය කයිලි ක්‍රිස්ටින් ජෙනර් නම් මහා ධනකුවේරිකාව වෙයි. ‘කයිලි’ නම් ලෝක ප්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරය හිමි ඇය තවද විවාහපත් නැති සුරූපී තරුණියකි. මෙම ධන කුවේරිකාවගේ වගතුගක් මෙතැනදී ලියා තබන්නට සිතුනේ, අද අපේ රටේ ධන කුවේරයන්ගේ අලුත්ම කතාන්දරයක් කරළියට එන මායිමේය.

ලෝකයේ සිටින අනේක විදියේ ප්‍රකෝටිපතියන්ගේ නිල, සත්‍ය තොරතුරු ප්‍රධාන වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ ඇමෙරිකානු ‘ෆොබ්ස්’ සඟරාව විසිනි. ඔවුන් එම කර්තව්‍යය බොහෝ ගවේෂණාත්මකව සිදුකරනු ලබයි. එම සඟරාවට අනුව දැනට ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ ප්‍රකෝටිපතියා නොහොත් බිලියනපතියා වන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාය. ඔහු දැනට වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ ධන කුවේරයා ලෙසට කිරුළ දරා ඇත. ඔහු ගැනද කාලයෙන් කාලයට නව පුවත් එළිදැක්වෙන අතර, මෙයට වසර 03කට ඉහතදී ඔහු ගැන හෙළිවූ විශේෂිත පුවතක් නම්, ඔහු විසින් රුපියල් මිලියන 170කට (රුපියල් කෝටි 17කට) අතිශය සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගත් කතාන්දරය විය. ලොව අතිශය සුපිරි මෝටර් රථයක් වන ‘බෙන්ට්ලි’ නමැති බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත මෝටර් රථයක් ඔහුගේ පරිහරණය සඳහා එලෙස මිලදී ගනු ලැබුවේය. මේ ආකාරයට එතෙර, මෙතෙර ධන කුවේරයන්ගේ කතා බොහෝය. අප වෙත වෙසෙන ලෝකය තුළ අනේක විදියේ අපූරු තරගාවලියන් ඇත. ඒවා අතරින් එක් සුවිශේෂී තරගාවලියක් වන්නේ කෝටිපතිනියන්ගේ තරගයයි. මේ කෝටිපතිනියන් යනු බොහෝ විට බිලියනපතියන්ය. මෙලෙස මහා ධන කුවේරයන්ගේ සටන ලොව බොහෝ ධනවත්, දියුණු රටවලදී බොහෝ පැහැදිලිවම පෙනෙන්නට ඇත. පසුගියදා එංගලන්තයේ ‘ලන්ඩන් ගාඩියන්’ පුවත්පත ප්‍රකාශ කර තිබුණේ අපූරු වාර්තාවකි. එනම් පසුගිය කොරෝනා වසංගත මුල් රැල්ල සමයේදී ලෝකයේ ධන කුවේරයන් තමන්ගේ ධන වත්කම් අතින් පහතට නොවැටුණු බවත්, ඔවුන් බහුතරයක්ම තමන්ගේ ධන වත්කම් ඉතාම හොඳින් ඉහළ නංවාගත් බවත් ප්‍රකාශ කළේය. සාමාන්‍ය මිනිසුන්ගේ රැකියාවන් සහ වෙනත් ආදායම් මාර්ග මුළුමනින්ම අවහිර වී ඔවුන් මහත් අගාධයකට පත් වුවත්, සුපිරි කෝටිපතියන්ට එසේ නොවුණු බැව් ‘ලන්ඩන් ගාඩියන්’ පුවත්පත කියා සිටියි. මෙලෙස කොවිඩ් වසංගත අර්බුදයෙන් ඔවුන්ට ලාභ ලබන්නට හැකිවී ඇත්තේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළ කඩාවැටෙන විට ඒ කොටස් මිලදී ගන්නට මෙම සුපිරි ප්‍රකෝටිපතියන්ට හැකිවූ නිසා බැව් එම වාර්තාව අවධාරණය කර සිටියි. මෙය සැබෑ ලෙසම සුවිශේෂී කතාන්දරයකි. එසේ නම් මෙම සිද්ධාන්තය අපගේ රටේ සුපිරි ධන කුවේරයන්ට අදාළ වන්නේ කෙසේද? එසේම අපගේ රටේ සුපිරි කෝටිපතියන් අතර ඇති තරගයද කිනම් ආකාරයක එකක්ද? ශ්‍රී ලංකාවේ අංක එකේ සුපිරි ප්‍රකෝටිපතියා වන්නේ ධම්මික පෙරේරා නම්, ඔහුට පසුව දෙවැනියට සිටින සුපිරි ප්‍රකෝටිපතියා කවුද? ඔහුද සමාජයේ බොහෝ දෙනකු හොඳින් හඳුනන ‘සල්ලි ගස්’ යහමින් සෙලවිය හැකි අපූරු මිනිසෙකි. ශ්‍රී ලංකාවේ සුපිරි ව්‍යාපාරිකයකු වන ඔහු ඉෂාර නානායක්කාර මහතාය. එනම් මෙම ධන කුවේරයන් දෙදෙනාට පහතින් තවත් ශ්‍රී ලාංකික ධනවතුන් සිටියද, අද අප රට තුළ ධන කුවේර සටන ඇතිවී තිබෙන්නේ මෙම විශේෂිත මිනිසුන් දෙදෙනා අතරය.

කුමක්ද මේ ද්වන්ධව සටන? මෙම ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනා තම, තමන්ගේ සටන ගෙනයන්නේ තමන් සතු ව්‍යාපාරවල ප්‍රගතිය හරහාය. එය විටෙක අප නොදන්නා ආකාරයේ තීව්‍ර කතාන්දරයකි. එනම් ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියකි. දැනට වසර 07ක පමණ සිට ශ්‍රී ලංකාවේ අංක එකේ සුපිරි බිලියනපතියා ලෙස ධම්මික පෙරේරා දෙස් – විදෙස් පාර්ශ්ව විසින් නම්කර තිබුණද, පසුගිය 2020 ජනවාරි මාසයේදී එම කතාව හදිස්සියේම වෙනස් විය. එනම් එවිට ප්‍රකාශයට පත්වූයේ ශ්‍රී ලංකාවේ සුපිරි ධනවතා බවට ඉෂාර නානායක්කාර පත්වූ බැව්ය. හදිසි විදෙස් ධන ආයෝජනයක් හරහා ඔහු එම තත්ත්වයට පත්වූ බැව් වාර්තා වූ අතර, ධම්මික පෙරේරා දෙවැනි ස්ථානයට පත්විය. කෙසේ හෝ මෙම තත්ත්වය පහසුවෙන් අවබෝධ කරගැනීමට නම් ඔවුන්ගේ ධන වත්කම් ඔබ දතයුතුය.

2020 දකුණු ආසියානු සුපිරි කෝටිපතියන්ගේ නිල ලේඛනයට අනුව ධම්මික පෙරේරා සිටින්නේ 14 වැනි ස්ථානයෙහි වන අතර, එහි පෙන්වන ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.56ක් වෙයි. ලෝක ධන කුවේරයයන්ගේ ලැයිස්තුවට අනුව ධම්මික පෙරේරා සිටින්නේ 400 වැනි ස්ථානයේය. එයද යම් ආකාරයකට සුවිශේෂී කරුණකි.

ශ්‍රී ලංකාවේ දෙවැනි සුපිරි කෝටිපතියා වන ඉෂාර නානායක්කාරගේ 2020 වසරේදී පෙන්වන සම්පූර්ණ වත්කම වන්නේ, ඇමෙරිකානු ඩොලර් මිලියන 575ක් නොහොත් රුපියල් බිලියන 106කි. එහෙත් ඔහුගේ මෙම වත්කම 2020 වසරේදී ඉතා හදිස්සියේම ඉහළ නැංගේය. එයට හේතු වූයේ ඉෂාර නානායක්කාර සතු ‘එල්.ඕ.එල්.සී.’ සමූහ ව්‍යාපාරයට අයත් කාම්බෝජයේ තිබෙන ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනයක්, කොරියානු බැංකුවක් විසින් ඩොලර් මිලියන 603.4කට මිලදී ගැනීමය. මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 108.5ක් වූ අතර, මේ නිසා ඉෂාර නානායක්කාරගේ ධන වත්කම ඉහළ ගියේය.

කෙසේ හෝ මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ සමහර මාධ්‍ය කඩිගුලක් මෙන් ඇවිස්සී ප්‍රචාරය කරන්නට ගත්තේ, ධම්මික පෙරේරාගේ ධන කුවේර කිරුළ අහෝසි වී එය ඉෂාර නානායක්කාරගේ හිස මත වැටුණු බැව්ය. කෙසේ හෝ එම කතාන්දරයෙහි යම් සත්‍යතාවයක් වූයේ, එම අවස්ථාවේදී ඉතාම හදිස්සියේ ඉෂාර නානායක්කාර වෙත ලැබුණු අසීමිත ධන සම්භාරය හේතුවෙනි. එහෙත් මෙම වටාපිටාවේදී සුපිරි කෝටිපති ඉෂාර නානායක්කාර එක් ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කර සිටියේ, මෙම සිදුවීම තමාට එක්තරා අත්‍යන්ත ගෞරවයක් ලබාදීමක් වුවත්, මෙය ජාත්‍යන්තරව සනාථ නොවූ කරුණක් බවත්ය. එනම් ජාත්‍යන්තරව පිළිගත් කරුණක් නොවූ බවත්ය.

කෙසේ හෝ පසුගිය වසර 07කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ධන කුවේර කිරීටය තිබුණේ ධම්මික පෙරේරගේ හිස මතය. එහෙත් ඔහුගේ සහ ඉෂාර නානායක්කාරගේ ධන වත්කම් කලින් කලට දෝලනයටද පත්විය. මෙසේ මෙම සුපිරි කෝටිපතියන් දෙදෙනාගේ මහා ධනස්කන්ධයන් දෝලනයට පත්වීමේ නවතම පුවත වාර්තා වූයේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් පසුගියදා පැවැති කොළඹ කොටස් වෙළෙඳපොළේදී ප්‍රථම වතාවට, ඉතා අසීමිත ලෙස ධම්මික පෙරේරාගේ සමාගම් සතු කොටස් අභිබවා යමින්, ඉෂාර නානායක්කාර සතු සමාගම් කොටස් ඉහළ ගියේය. එනම් සමස්තයක් ලෙස ධම්මික පෙරේරාගේ සමාගම් රුපියල් බිලියන 440ක කොටස් හිමිකර ගනිද්දී, ඉෂාර නානායක්කාර සතු සමාගම් රුපියල් බිලියන 465ක කොටස් හිමිකර ගත්තේය. මෙය රුපියල් බිලියන 15ක සුවිශාල පරතරයක් ඇති මූල්‍යමය ක්‍රියාවලියකි. මෙහිදී තවත් සුවිශේෂී වගතුගක් ලෙස හෙළිවන්නේ, ධම්මික පෙරේරාගේ සමාගම් 30ක් ඉහත රුපියල් බිලියන 440ක් හිමිකර ගනිද්දී, ඉෂාර නානායක්කාරගේ සමාගම් 13ක් පමණක් රුපියල් බිලියන 465ක් හිමිකර ගැනීමය.

මේ ආකාරයට බලද්දී මෙම සිදුවීම ඉෂාර නානායක්කාර විසින් ලබා ඇති සුවිශේෂී අවස්ථාවක් සහ ජයග්‍රහණයක්ද වෙයි. කෙසේ හෝ මෙම කෝටිපතියන් දෙදෙනාගේ කොටස් වෙළෙඳපොළ අගයන් කලින් කලට වෙනස් වුවද, මෙතරම් විශාල පරතරයකින් වෙනස් වූ ප්‍රථම අවස්ථාව ලෙස දැනට වාර්තා ගතවී ඇත. මෙහිදී තවත් අපූරු පුවතක් ලෙස වාර්තා වන්නේ, දෙදෙනාගේම සමාගම් 33ක් අතරින් කොටස් අලෙවිය උච්චතම ලෙස සිදුවී ඇති ප්‍රථම ස්ථානයෙහි ඇති සමාගම වන්නේ, ඉෂාර නානායක්කාර සතු ‘එල්.ඕ.එල්.සී.’ මූල්‍ය සමාගමය. මෙහි කොටස් 475,199,124ක් අලෙවි වී රුපියල් මිලියන 1,66,994ක ආදායමක් උපයා ඇත. මෙහිදී ඔහු සතු සේලාන් බැංකුව ලබා ඇති කොටස් ආදායම රුපියල් මිලියන 16,302ක් වන අතර, එය අතිශය අවම අගයකි. ඉහත ඔහුගේ ප්‍රධාන එල්.ඕ.එල්.සී. ආයතනයට අමතරව තවත් අතුරු එල්.ඕ.එල්.සී. මූල්‍ය ආයතන දෙකක්ද රුපියල් මිලියන 73,116ක කොටස් ආදායමක් ලබා ඇත. මේ ආකාරයට එල්.ඕ.එල්.සී. සමාගමේ ආදායම වාර්තාගතය. ධම්මික පෙරේරාගේ සමාගම් අතරින් ඉහළම කොටස් ආදායම හිමිකරගෙන ඇත්තේ සම්පත් බැංකුව වන අතර, එය රුපියල් මිලියන 62,273කි.

කෙසේ හෝ මෙලෙස මෙම සුපිරි ධනකුවේරයන් දෙදෙනාගේ ව්‍යාපාරික තරගය රසවත් පුවත් මවන තත්ත්වයකට පත්ව ඇත. ඔවුන්ගේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තවත් බොහෝ තිබුණද ඒවා සියල්ලක්ම මෙහි ලියා තබන්නට ඉඩ නැත. ඒ වුවද එක් සුවිශේෂී කරුණක් ලෙස සටහන්කර තැබිය හැක්කේ, දෙදෙනාම සතු ප්‍රකට සුපිරි සංචාරක හෝටල් 7ක (ඉෂාර සතු හෝටල් 4ක් සහ ධමිම්ක සතු හෝටල් 03ක්) කොටස් ආදායම ඉතාමත්ම අධික ලෙස පහත බැස තිබීමය. එයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳවැටී තිබීමය. එහෙත් ඔවුන්ගේ අනෙක් සමාගම්වල කොටස් ආදායම ඉහළ ගොස් ඇත. අද පොදු සමාජයේ බොහෝ දෙනකුට ‘කොටස් වෙළෙඳපොළ’ යන්න ගැන නිසි අවබෝධයක් නැත. යම් සමාගමක ඉපැයීම් සහ වත්කම්වලට හිමිකම් කීමේ අයිතියෙහි කොටසක් පිළිබිඹු කරන ‘සුරැකුම්පත්’ කොටස් ලෙස හඳුන්වයි. සමාගමේ ලාභයෙන් ප්‍රතිශතයක් වන ලාභාංශ කොටස් හිමිකරුවන්ට ගෙවනු ලබයි. කොළඹ කොටස් වෙළෙඳපොළ මුලින්ම ආරම්භ වී ඇත්තේ 1896දී බි්‍රතාන්‍ය යටත්විජිත සමයේදීය. එනම් එයට වසර 125ක ඉතිහාසයක් ඇත.

කෙසේ හෝ දැනට මෙම ශ්‍රී ලාංකික සුපිරි, සාර්ථක ව්‍යාපාරිකයන් දෙදෙනා තම, තමන්ගේ ව්‍යාපාර ඉහළ නංවා ගැනීම සඳහා දිවා – රාත්‍රි නොබලා කටයුතු කරමින් සිටියි. තනිතනිව ඔවුන් එකිනෙකා අතර ගැටුම් ඇති බව හෝ එකිනෙකාට එරෙහිව තරග කරන බව හෝ ඔවුන් ප්‍රතික්‍ෂේප කර සිටිති. ඔවුන්ගේ ව්‍යාපාරවල වටිනාකම තවදුරටත් ඉහළ නැංවීම වැනි යහපත් ක්‍රියාවලියක් කළයුතු යැයි, ඔවුන් බොහෝ අවස්ථාවලදී මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. ඒ කෙසේ වුවද, ආර්ථික විශ්ලේෂකයන් පවසා සිටින්නේ, කොටස් වෙළෙඳපොළ ඉහළ යෑමත් සමඟ ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් සැබැවින්ම එකිනෙකාට එරෙහිව සටන් වදින බැව්ය. එසේම එය සීතල යුද්ධයක් බඳු ක්‍රියාවලියකි. අද අපගේ සමාජයේදී බොහෝ විට කතාබහට ලක්වී ඇත්තේ මෙම සුපිරි ධනකුවේයන් දෙදෙනා ගැන වන අතර, සැබැවින්ම ඔවුන් දෙදෙනාම ඉතාමත් අවම අදියරක සිට තමන්ගේ ව්‍යාපාර ආරම්භ කර ඉතාමත්ම උච්ච ස්ථානයකට පැමිණි අය වෙති. සමාජයේ බොහෝ දෙනකු නොදන්නා ඔවුන්ගේ ජීවන කතාවේ වගතුග යම් පමණකින් සොයා බැලීම වැදගත් වනු ඇතිය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සිනී වංචාව අල්ලස් කොමිසමට: ජනාධිපති කොමිසමකුත් ඉල්ලයි

Next Post

එකඟතා-පොරොන්දු අනුව වැඩ කරන්න: වරාය ගැන ඉන්දියාව නිල ප්‍රතිචාරය ආණ්ඩුවට දැනුම් දෙයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.