ලංකාවේ කැලෑවක සුදු අලියෙක් සැරිසරන ආකාරයේ ජායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලයෙහි සැරිසරමින් තිබේ.
මෙම සුදු අලියා සමග තවත් අලින් කිහිප දෙනකු වැව් තාවල්ලක සිටින ආකාරය මෙම ජායාරූපවලින් දැකගන්නට ඇත.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම සත්වයා ආරක්ෂා කර ගැනීමට බලධාරීන් විසින් වහාම පියවර ගත යුතු බවකි.










