අමෙරිකානු ආයෝජන සමාගමක් වන නිව්යෝර්ක් හි “Hindenburg Research” ආයතනය විසින් ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි ට එරෙහිව කොටස් වෙළෙඳපොළ සහ ගිණුම් වංචා කර ඇති බවට චෝදනා කරමින් වාර්තාවක් නිකුත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
එම පර්යේෂණ වාර්තාව ඊයේ (25) එළිදක්වා ඇති අතර අනතුරුව අදානි සමුහයේ කොටස් වටිනාකම ඩොලර් බිලියන 11ක් පමණ අහිමිව ගොස් ඇති බව සඳහන් වෙයි.
ඊට ප්‍රතිචාර වශයෙන් අදානි සමුහය පවසන්නේ එම වාර්තාවේ සඳහන් කරුණු ද්වේෂසහගත මෙන්ම ව්‍යාජ තොරතුරු බවය.
අදානි සමාගම පවසන්නේ නිව් යෝර්ක් හි “Hindenburg Research” ආයතනයට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීමට සැලසුම් කර බවය.










