පසුගිය දිනවල ලංකාවට පැමිණි ඉන්දීය නියෝජිතයන් ත්‍රිකුණාමලය වරාය අවට ඇති ඉඩම් සියල්ල ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වෙනදා ඉන්දියාව ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කළත් මෙවර මෙවැනි ඉල්ලීමක් කිරීම අතිභයානක බවය.










