ගොනාකෝවිලේ රොහා නැමැති පාතාල සාමාජිකයා පොලිසියෙන් වෙඩි කා මියයාමත් සමග රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ එක් පාර්ශ්වයක් දුකට පත්ව ඇති බවත්, අනෙක් පැත්ත කිරිබත් කමින් රතිඤ්ඤා පත්තු කරමින් සිටින බවත් දැනගන්නට තිබේ.
ගොනාකෝවිලේ රොහා හා ගොනාකෝවිලේ අංජු අතර කාලයක් තිස්සේ පැවැති ආරවුල මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය මත ගොනාකෝවිලේ රොහා ඝාතනය කිරීම සදහා කෝටි 5ක විවෘත ලන්සුවක්ද අංජු විසින් ඉදිරිපත් කර තිබිණ.
කෙසේවෙතත් ඝාතනයත් සමග අංජුගේ පාර්ශවය ප්‍රීතිඝෝෂා පවත්වමින් සිටින බව දැනගන්න්ට ඇත.








