රාජ්‍ය මාධ්‍යවල විශාල වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ විශේෂ සාකච්ජාවක් පැවැත්වී තිබේ.
මෙම සාකච්ජාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකු සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී රාජ්‍ය මාධ්‍ය පාඩු පිට පවත්වාගෙන යන සංකල්පයෙන් මිදී ලාබ ලබන ආයතන බවට පත්කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද දැනගන්නට ඇත.
ආණ්ඩුව සමග සමීපව කටයුතු කරන ව්‍යාපාරිකයෙකුද මෙම සාකච්ජාවලට සහභාගී වී ඇති බව වාර්තා වේ.










