රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තු සභා ගැබේදී විපක්ෂයට තර්ජනය කරන ආකාරයේ වීඩියෝවක් සමගි ජන බලවේගය විසින් සමාජ මාධ්‍යවලට නිකුත් කොට ඇත.
මෙහිදී අමාත්‍යවරයා සබා ගැබ මැදට පැමිණ විපක්ෂය දෙසට ඇගිල්ල දිගු කොට බැන වදින ආකාරයක් පෙනී යයි.
නමුත් විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් ඊට පිළිතුරු දීමට පැමිණෙන ආකාරයක් දැකගන්නට නැත.











