රාජපක්ෂ පවුල ඇතුළෙහි මතුව තිබූ අභ්‍යන්තර ආරවුල සමාජයට පෙනෙන පරිදි පුපුරා ගියේ ඉකුත් 22වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම වළක්වමින් එහි ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරිය නොහැකි බවට වගන්තියක් ඇතුළත්ව පැවැති අතර ඊට චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පක්ෂව ඡන්දය ලබා දුන්හ.
නමුත් මහින්ද රාජපක්ෂ ඊට ඡන්දය භාවිත කළේ නැත.
කෙසේවෙතත් එහිදී බැසිල් රාජපක්ෂ මහතා හා චමල් රාජපක්ෂ මහතා අතර දේශපාලන මතුගැටුමක් සිදුව තිබූ බවටද මාධ්‍ය වාර්තා කොට තිබිණ.
එවැනි පසුබිමක් යටතේ මෙතෙක් සිය දේශපාලන ගමන් මගේදී කුරහන් සාටකය පැලද සිටි චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පළමු වතාවට කුරහන් සාටකය නොමැතිව පැමිණ සිටි බවක් දැකගත හැකිවිය.
ඒ වෙනුවට ඔහු අද ටයිකෝට් පැළද පැමිණ සිටි බවක් දැකගන්නට ලැබිණ.
ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ බොහෝ දෙනා අදහස් පළ කරමින් සිය හිතවතුන්ට කියා තිබුණේ මේ හරහා රාජපක්ෂ පවුලේ ගැටුම පැහැදිලිවම දැකගන්නට ඇති බවකි.ශ
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට කුරහන් සාටකය පැලදුවේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
ඒ 2009 වර්ෂයේදී පළමු වතාවට ශෂීන්ද්‍ර දේශපාලනයට පිවිසෙමින් ඌව මහඇමැතිවරයා වූ අවස්ථාවේදීය.