• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රාජපක්ෂ නිධානය රකින බහිරවයෝ දෙදෙනෙක්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 16, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
රාජපක්ෂ නිධානය රකින බහිරවයෝ දෙදෙනෙක්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ගෝඨා රටට පමණක් නොව ලෝකයම මවිතයට පත්කරමින් රනිල්ව අගමැති ලෙස පත්කළ විට නව අගමැති රනිල්ව හමුවෙන්න ආ පළමු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයා මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ්ය. රනිල් ඔහුව බංකොලොත් ශ්‍රී ලංකාවට විදේශ ආධාර බාගැනීම සඳහා මැදිහත්කරුවකු ලෙස නම් කළේය. පසු දින මාලදිවයිනේ මාධ්‍යයක නෂීඩ්ගේ ශ්‍රී ලංකා සංචාරය ගැන අපූරු ලිපියක් පළ විය. පහත දැක්වෙන්නේ එම ලිපියේ කොටසකි.

‘ආරංචි මාර්ග වාර්තා කරන විදියට නෂීඩ් පසුගිය දින කිහිපයේ ලංකාවට පැමිණ ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත හමුවී රාජපක්ෂ පවුලට ලංකාවෙන් පිට වීමට ආරක්ෂිත මාර්ගයක් සකස් කිරීමට සාකච්ඡා පවත්වා ඇත. අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මහින්ද පළමුවෙන්ම දුරකතනයෙන් අමතා ඇත්තේ නෂීඩ්වය. එහිදී මහින්ද පවා ඇත්තේ ලංකාවේ තත්ත්වය සාමකාමී වන තෙක් තම පවුලට මාලදිවයිනේ රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසය.

නෂීඩ් ඒ වැඩේ භාරගත්තේය. ඔහු මාලදිවයිනේ පදිංචි ප්‍රකෝටිපතියකු හරහා රාජපක්ෂ පවුලට ඉන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක මාලිගයක් සහ රාජපක්ෂගේ ආරක්ෂකයන්ට සහ කාර්යමණ්ඩලයට ඉන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක මාලිගයක් මිලදී ගැනීමට සාකච්ඡා පවත්වා ඇත. ඊට පෙර මහින්ද ඔහුගේ සමීපතම හිතවතකු වන මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරයේ බිලියනපතියකු වන මුහම්මඩ් මුසා සමග සාකච්ඡා පවත්වා ඇත්තේ ඔහුගේ මාලිගයක රාජපක්ෂ පවුල ආරක්ෂිතව තැබීමටය.

එහෙත් නෂීඩ් මහින්දට පවසා ඇත්තේ මුසාව විශ්වාස කළ නොහැකි බවය. මහින්ද, නෂීඩ්ගේ පිහිට පතා ඇත්තේ ඉන් පසුවය. නෂීඩ්, මහින්ද සහ රාජපක්ෂ පවුලට ආරක්ෂිතව සිටීමට මිලදී ගැනීමට යෝජනා කර ඇති මාලිගය අයත් ප්‍රකෝටිපතියාද එරට මූල්‍ය වංචාවට හවුල් වූ අයෙකි. ඒ මාලිගය ස්විමින් පූල්, ජිම් වැනි අතිසුඛෝපභෝගී පහුසුකම්වලින් සමන්විතය. නෂීඩ්, රාජපක්ෂ පවුලට කරන උදව්වලට නෂීඩ්ගේ දේශපාලන වැඩවලට විශාල මුදලක් දීමට රාජපක්ෂ පවුල එකඟ වී ඇත.

නෂීඩ් සහ රාජපක්ෂවරු අතර සම්බන්ධය ඈත කාලයක සිට පැවැත එන එකකි. නෂීඩ්ගේ පක්ෂ්‍ය පිහිටුවනු ලැබුවේ ලංකාවේය. එවක මාලදිවයිනේ ජනාධිපති අබ්දුල් ගයුම් එරට දේශපාලන පක්ෂ පිහිටුවීම තහනම් කොට තිබිණි. නෂීඩ් ලංකාවට පැමිණ ලංකාවේ ක්‍රියාත්මක විදේශ මාද්‍ය අල්ලාගෙන සිය පක්ෂය පිහිටුවා එයට ප්‍රචාරය ගනු ලැබීය. ඒ, 2003දීය. එවක අගමැති රනිල්ය. විපක්ෂ නායක මහින්දය. නෂීඩ්ගේ දේශපාලන ව්‍යාපාරයට උදව් කිරීඹට රනිල් සහ මහින්දගේ දේශපාලන මිත්‍රකම විශාල ශක්තියක් විය. 2005 මහින්ද ජනාධිපති වූ විටත් නෂීඩ්ට ලංකාව තුළ තව තවත් සහාය ලැබිණි. 2008 මාලදිවයින් ජනාධිපතිවරණයේදී නෂීඩ්ගේ පක්ෂයට මහින්ද මුදල් ආධාර දී ඇත. රාජපක්ෂ පවුල සහ නෂීඩ් පවුල ලංකාව සහ මාලදිවයිනේ රජකරගෙන සිටින්නේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආණ්ඩුවේ ප්‍රබල තනතුරුවලට පත්කර ගනිමින්ය…..’

මේ ‘මාලදිවයින් ජර්නල්’ නම් පුවත්පතේ පළවූ එම ලිපියය. මේ ලිපිය දැක නෂීඩ් එහි ඇති කරුණු අසත්‍ය යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. එහෙත් එය ඇත්තක් බව අද ඔප්පු වී ඇතැයි මාලදිවයිනේ වෙබ් අඩවියක් වන ‘එම්පයර් ඔන්ලයින් නිවුස්’ පසුගිය සතියේ වාර්තා කොට තිබිණි. ඔවුන් සඳහන් කර ඇත්තේ ගෝඨාභයට ආරක්ෂිතව මාලදිවයිනට පැමිණීමට පහසුකම් සලසා ඇත්තේ නෂීඩ් බවය. ගෝඨාභය ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගොඩබැසීමට සූදානම් වන විට මාලදිවයින සිවිල් ගුවන් සේවා අධිකාරිය එයට විරෝධය පළ කළ විට නෂීඩ් මැදිහත් වී එයට අවසර දී ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කරයි. මේ වන විට නෂීඩ්ට එරෙහිව මාලදිවයින පුරා විරෝධතා පටන්ගෙන ඇති බවත් ලංකාව විනාශ කළ ඒකාධිපතියකුට රැකවරණ දීමෙන් නෂීඩ් මාලදිවයින තම දෙවැනි මවු රට ලෙස සලකන ලංකාවේ ජනතාව කෝපයට පත්කොට ඇති බවත් එහි සඳහන් වේ. මාලදිවයිනේ ඒකාධිපතියන් දූෂිතයන් පන්නා දැමීමේ අරගලයට ලංකාව සහාය දුන් බවත්, ඒත් මාලදිවයින ආණ්ඩුව ලංකාවේ ජනතාව ඒකාධිපතියන්ගෙන් දූෂිතයන්ගෙන් රට මුදාගැනීමට දියත් කර ඇති අරගලය පාවා දී ඇති බවත් එහි සඳහන් වෙයි.

‘ලංකාවේ කෝටි ගණනක් ජනතාව බඩගින්නේ සිටියදී එක මිනිහෙකුගේ ආරක්ෂාව මාලදිවයිනට වැදගත් වුණේ කොහොමද…?’

මාලදිවයිනේ ප්‍රධානතම ජාතික පුවත්පත් කර්තෘවරයා එසේ ප්‍රකාශ කරන බව එහි සඳහන්ය. මාලදිවයිනේ ප්‍රධාන විපක්ෂය ගෝඨාභයට රැකවරණ දීම හෙළාදැක ඇත. මාලදිවයිනේ ජාතික පක්ෂය මාලදිවයිනේ ආණ්ඩුව ගෝඨාභයට රැකවරණ දුන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කොට ඇත.

නෂීඩ්, මහින්ද වගේම රාජපක්ෂගේත් සමීප මිත්‍රයෙකි. නාමල් වොටර් ස්පෝට්ස් නොහොත් ජන ක්‍රීඩා කිරීමට මාලදිවයිනට පැමිණි විට මාලදිවයින ජනාධිපති හමුවීමට පහසුකම් සපාය ඇත්තේත් නෂීඩ්ය. මාලදිවයිනේ වත්මන් ජනාධිපති දිවුරුම් දෙද්දී මහින්ද ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් අගමැති වී සිටියේය. ඒත් නෂීඩ් එම දිවුරුම් දීමේ උළෙලට නාමල්ට විශේෂ ආරාධනයක් කළේය.

2012 පෙබරවාරි 07 එවක මාලදිවයිනේ ජනාධිපතිව සිටි නෂීඩ්ට එරෙහිව අද රාජපක්ෂලාට එරෙහිව මෙන් විශාල ජන අරගලයක් දියත් විය. ඔහු එරට අගවිසිනුරුවරයා අත්අඩංගුවට ගන්න නියෝග කළ විට ජනතාව පාරට ආහ. රාජපක්ෂලාට මෙන් නෂීඩ්ටද ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදුවිය. ඒ වෙලාවේදී නෂීඩ් පැන ආවේ ආරක්ෂාව පතා ලංකාවටය. 2015දී ඔහුට එරෙහිව ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ නඩු පැවරිණි. ඔහුව අත්අඩංගුවට ගන්න යන විට ඔහු පැන ආවේ ලංකාවටය. 2012 මහින්ද ජනාධිපති ධුරයේ සිට ඔහුට උදව් කළේය. 2015 රනිල් අගමැති ධුරයේ සිට උදව් කළේය.

රාජපක්ෂ පවුල නෂීඩ් සහ රනිල් ත්‍රිකෝණය දැන් පැහැදිලිය. මේ ත්‍රිකෝණයේ අරමුණ නාමල්ට ඔටුනු පලඳවා රාජපක්ෂවරු යළි රජ කරවීමය. නෂීඩ් ගෝඨාව ආරක්ෂිතව රැගෙන යද්දී රනිල් ලංකාවේ වැඩ බලන ජනාධිපති වන්නේ ඒ අනුවය. ලංකා ඉතිහාසයේ සඳහන් වන්නේ ඉස්සර කාලයේ රජවරු තමන් මියගිය පසු නිධන් ආරක්ෂා කිරීමට බහිරවයකුට භාරදෙන බවය. රාජපක්ෂ පවුලේ නිධානය රකින්න රාජපක්ෂවරු භාරදී ඇති මෙරට බහිරවයා රනිල්ය. පිටරට බහිරවයා නෂීඩ්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සාගරගේ කතාව මධුර විතානගේ නිවැරදි කරයි! අපි රනිල්ට සහාය දෙන්න තීන්දු කර නෑ! පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)

Next Post

ඉදිරි පැය 24 ඇතුළතදී රන්ජන්ට විශේෂ ජනාධිපති සමාවක්!

MORE NEWS

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.Sri Lanka Latest News...

Read more
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.