මහජන උද්ඝෝෂණවලට වෙඩි තැබීමට තමන් උපදෙස් නොදුන් බව පොලිස්පති සී ඩි වික්‍රමරත්න මානව හිමිකම් කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුනේය.
ඒ, රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද කැඳවූ අවස්ථාවේදීයි.
මේ, ඒ පිලිබඳ අදහස් දැක්වූ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මේ බව කියා සිටියේය.










