සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන තීරණාත්මක පක්ෂ නායක රැස්වීම මේ වනවිට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 5 ආරම්භ වී තිබේ.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති මෙම සාකච්ජාවට අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අනුර කුමාර දිසානායක ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටින බව දැනගන්නට ඇත.
තවත් පක්ෂ නායකයන් කිහිප දෙනකු ඊට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වී සිටින බවද දැනගන්නට තිබේ.
වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.










