• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට වෙන දේ! සජිත්ගෙ රාජයෝගය! නාමල් ජනාධිපති වෙන දවස! අනුර ආයෙත් එයිද? ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත I Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
රනිල්ට වෙන දේ! සජිත්ගෙ රාජයෝගය! නාමල් ජනාධිපති වෙන දවස! අනුර ආයෙත් එයිද? ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ දේශපාලන අනාගතය මෙන්ම ඉදිරියේදී රට භාරගන්නා දේශපාලන නායකයා පිළිබඳවත්, 2029 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන ප්‍රකට දේශපාලකයකු පිළිබඳවත් ‘හෙළ රහස්’ යූටියුබ් නාලිකාව ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් දෙදෙනකු වන ඉන්දික තොටවත්ත සහ නුමින්ද ශාන්තසිරි ද සිල්වා සමග කළ වැඩසටහන් දෙකකින් උපුටාගත් කොටස් දෙකක් ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරමු. Sri Lanka Latest News

ප්‍රශ්නය
දැන් පෙළක් අය කියනවා මේ ආණ්ඩුවට අවුරුදු පහක් යන්න බෑ. කඩාවැටෙනවා කියලා. මේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ අවුරුදු පහ අදිනවද?

ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත
රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඇතැම් අය කියනවා මේ ආණ්ඩුව හෙට වැටෙනවා, අනිද්දා වැටෙනවා කියලා. ජේ.ආර්. ජයවර්ධන 1978 ජනාධිපති වුණාට පස්සේ ගංවතුරක් ආවා. මේ වගේම ගංවතුරක්. 80 ජූලි වර්ජනයෙන් ලක්ෂයක් පයින් ගහලා එළෙව්වා රුපියල් 10ක් වැඩිකළා කියලා. යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බා 82. 83 කළු ජූලිය ඇතිවුණා. ඒත් යූ.ඇන්.පී. ආණ්ඩුව අවුරුදු කීයක් තිබුණාද? මං හිතන්නේ එතැනින් එහා අපි මේක කතාකරන්න ඕනෙ නෑ. ඒ තිබුණු ප්‍රශ්නවලින් දහයෙන් එකක් තියෙනවද වර්තමාන එන්.පී.පී. ආණ්ඩුවට? එහෙම තියෙද්දිත් ජේ.ආර්. තුනෙන් දෙකක බලයෙන් ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තුව දික් කරගෙන අවුරුදු 6ක් ගෙනිච්චනේ. ඒ නිසා ඇත්තටම ඒ වගේ සරල සිල්ලර හීන දකින එක නම් මම කියන්නේ එච්චර බුද්ධිගෝචර නෑ.
ප්‍රශ්නය
හැබැයි ජ්‍යොතිෂයට අනුව සෙනසුරු මාරුවයි ලංකාවේ කේන්දරයයි එතකොට අනුර කුමාරගේ වෘශ්චික ලග්නයට සෙනසුරු යන තැනයි ඔක්කොම බලපුවාම මේ ආණ්ඩුවට 2027-28 කියන්නේ අමාරු කාලයක්?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

ඇත්තටම 2026-27 කියන්නේ අනුරගේ වෘශ්චික ලග්න කේන්දරයේ හයවැන්නට සෙනසුරු නීච වෙලා එනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවද නැද්ද කියන එක ගැන ජ්‍යොතිෂවේදීන් දහදෙනෙක් විතර ගෙනල්ලා අපි විවාද දෙකක් විතර කළා. ගෝඨාභයත් වෘශ්චික ලග්නකාරයෙක්. එතකොට ඒ විවාදයේදී සජිත් දිනනවා කියපු අනිත් හැමෝම මගහරිද්දි ඔබ ආවා දෙවැනි සංවාදයට. ඒ වෙලාවේ ඔබට මතක නම් ගෝඨාභය දිනන්නත් කලින් මම අන්තිම වැඩසටහනේදී කිව්වා ගෝඨාභය ජනාධිපති වෙයි, හැබැයි ගෝඨාභයට හිතෙයි ඇයි මම ජනාධිපති වුණේ කියලා. එහෙම හිතෙන තරමට ගෝඨාභයට මේක අමාරු වෙයි කියලා. එහෙම කියන්න හේතුව අපිට ලැබුණු ගෝඨාභයගේ කේන්දරයේ 22 වැනි දෙර්කාණාධිපති වෙලා තමයි සෙනසුරු 10 හිටියේ. එතකොට සෙනසුරු තමයි නිර්ධන පන්තික ජනයා සහ සාමාන්‍ය ජනයා නියෝජනය කරන්නේ. එතකොට සෙනසුරු හයවැන්නේ නීචවීම අනුර කුමාරට ටිකක් තීරණාත්මක කාලයක් වෙනවා. 2027-29 එළඹ සිටි සිහියෙන්, ප්‍රවේශමෙන් වැඩකරන්න ඕනෙ කාලයක්. ඒ කියන්නේ අභ්‍යන්තර විරෝධතා සහ බාහිර විරෝධතා වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි මගේ පෞද්ගලික විශ්වාසය නම් ඒවා මැනේජ් කරගන්න පුළුවන්කම තියෙයි.
ප්‍රශ්නය
ඇතැම් අයගේ මතයක් තියෙනවා සෙන්පති කුජ බලවත් වුණාම හමුදා නායකයෙකුට හොඳයි, හමුදාපති කෙනෙකුට හොඳයි, හමුදාපතිලා බිහි වෙලා ඉන්නේ එහෙමයි කියලා. ඒ වුණාට ගෝඨාභයගේ පාලනය වෙලාවේ මේ කැරැල්ල යන වෙලාවේ සෙනඟ මරන්න එහෙම කටයුතු කළේ නෑ, එයා දාලා ගියා සද්ද නැතුව. හැබැයි අනුර කුමාරගෙත් ලග්නාධිපති කුජ, වෘශ්චික ලග්නයේ. ඒ කියන්නේ දරුණු පාලනයක් වෙයි කියලා මිනිස්සු කියලා තිබුණා. ඔබතුමා විශ්වාස කරනවද මේ ආණ්ඩුව මිනිස්සුන්ට දරුණු තීන්දු තීරණ ගනී, දැඩි පාලනයක් වෙයි කියලා?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

මෙහෙමයි, අනුර කුමාරගේ එහෙම එකක් පේන්න නෑ, හැබැයි ජේ.වී.පී එකේ පහළ ස්ථරයේ සමහර හැසිරීම් සම්බන්ධව අපිට ඇත්තටම ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම රන්ජන් ජයලාල්ගේ හැසිරීම ගත්තොත් එහෙම. ඒ හැසිරීම අපිට පෙන්නන්නේ ජේ.වී.පී එකේ පහළ ස්ථරය එදා මහින්ද ළඟ හිටපු මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන වගේ ඒ කාලේ හිටපු තග්ස්ලා ටිකක් කොපි කරනවා වගේ. ආණ්ඩුව කොච්චර පිස්සු කෙළියත් අනුර කුමාර සතියකට විතර පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගොඩදානවා. හැබැයි එහෙම වෙලත් විපක්ෂයට මේකේ වාසිය ගන්න බැරි විපක්ෂය ඊට වඩා ගොන් පාර්ට් කරන හින්දා. විපක්ෂය ඊට වඩා දුර්වල නිසා.
දැන් සජිත්ගේ ප්‍රශ්නය ඒකයි. සජිත්ගේ රාජයෝග තිබුණාට වෛදික ජ්‍යොතිෂයේදී කෙනෙක්ගේ සාර්ථකත්වය අසාර්ථකත්වය ගැන කතාකරද්දී අපි කතාකරන කාරණා තුනක් තියෙනවා කේන්දරයට අමතරව. කාල දේශ පාත්‍ර කියලා. කාල කියලා කියන්නේ අදාළ කාලවකවානුව, ඒ යුගය. ඊළඟට දේශ කියලා.
ප්‍රශ්නය
එතකොට රාජයෝග තියෙන සජිත්ට හොඳ කාලයක් එන්නෙම නැද්ද? ඔබ ඔය හැටි ඔහුව විවේචනය කරන්නේ ඔහුගේ කේන්දරේ කොතැනින්ද ඒක පේන්නේ?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

සජිත්ගේ ආත්මකාරක ග්‍රහයා වෙන්නේ රවි. රවි එයාගේ 22 වැනි දෙර්කාණාධිපති වෙලා ඇත්තටම දුර්වල වෙලා ඉන්නේ. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුවත් මට ඒක විස්තර කරන්න පුළුවන්. එතකොට රවි නෙගටිව් වුණාම කේන්දරයක, රවි බලවත් වුණාම එන අභිමානයේ අනිත් පැත්ත හීනමානය ඇතිවෙනවා. ධනු රාශියේ අන්තිම අංශකයේ ඉන්නේ.
ප්‍රශ්නය
ඔබතුමා කියන සියල්ලම කියන්නේ ජ්‍යොතිර් විද්‍යාවට අනුකූලව සිද්ධාන්තය එක්ක?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

ඔව්. දැන් සජිත්ට ඕනෙ නම් ඒක හදාගන්න පුළුවන්. නමුත් හදාගන්න බවක් අපිට පේන්නේ නෑ. උදාහරණයක් කියන්නම්කෝ. සජිත්ගේ ඉතාම හොඳ දේවල් තියෙනවා, සජිත්ගේ ඔය උද්ධච්චකම වගේම සජිත්ගේ ඇත්තටම අවංක අරමුණුත් තියෙනවා. සජිත් නරක මිනිහෙක් නෙමෙයි. දැන් උදාහරණයක් කියන්නම්කෝ. සජිත් ගෙනාපු සනීපාරක්ෂක තුවා කතාව. ඒක ඉතාම හොඳ එකක්. ලංකාවේ පීරියඩ් පවර්ටි කියන්නේ ඇත්තටම දුප්පත් ගම්මානවල තියෙන බරපතළ ප්‍රශ්නයක්. හැබැයි ඒක සජිත් කියන්නේ නැතුව රෝහිණී කවිරත්න හරි හිරුණිකා හරි දාලා කියෙව්වා නම් ඇත්තටම ප්ලස් පොයින්ට් එකක් එන්නේ නැද්ද ජනාධිපතිවරණයේදී පවා? හැම එකම තමන් කියන්න ඕනෙ කියලා හිතන් ඉන්න මානසිකත්වය මතනේ ගෑනුන්ගේ සනීපාරක්ෂක තුවා ගැනත් කියන්න ගිහිල්ලා අවලාදයට පාත්‍ර වුණේ. නමුත් ඒ යෝජනාව කොච්චර හොඳ වුණත් ඒක ජෝක් කරන්න පුළුවන් වුණේ ඒක සජිත් කියන්න ගිය හින්දා.
ප්‍රශ්නය
ඔබතුමා දැක්කාද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරළියේ ඉන්නකන් සජිත්ට ගොඩයන්න බැරි මොකක් හරි ග්‍රහ පිහිටීමක්? සජිත් වෘෂභ ලග්නයේ. රනිල් කියන්නේ මීන ලග්නය නේ. එතකොට මීන ලග්නයේ උපන්න රනිල් වික්‍රමසිංහගේ කේන්දරය සජිත්ට වැඩිය බලවත්ද? රනිල් දේශපාලනයේ ඉන්නකන් සජිත්ට උඩ එන්න බැරිද?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

ඇත්තටම රනිල්ගේ කේන්දරයේ කවදාවත් ජනාධිපතිවරණයකින් බලයට එන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. එක රනිලුත් දන්නවා. දැන් රනිල්ගේ කතාව ඉවරයි. ඔබතුමාට මතක ඇති මම කිව්වා රනිල් ඔය හංස ගීතය ගයන්නෙ කියලා. ඒ හංස ගීතය ගයලා ඉවරයි. සමන්තභද්‍ර හාමුදුරුවෝයි රනිල් වික්‍රමසිංහයි කියන දෙන්නම සයිකොපතික් මෙන්ටලිටි (ඡිහජයදච්එයසජ ඵැබඒකසඑහ) තියෙන අය. සයිකොපතික් කියන්නේ මේ පුද්ගල චරිතය බෙදෙන එක්තරා මනෝ විද්‍යාත්මක ක්‍රමයකට අනුව. ඒ කියන්නේ ඒගොල්ලෝ සංවේදී නෑ. තමන් ඉන්න ස්ථානය රැකගන්න ඕනෙ දෙයක් කරනවා. ඒ කියන්නේ රනිල්ට ජනාධිපති වීමේ වගේ හීනයක් තිබුණේ නෑ රනිල්ට තිබුණේ විපක්ෂ නායකකමේ ඉන්න. අනුර කුමාරගේ එකොළොස්වැන්නේ ලග්නාධිපති ඉන්නවා වගේම රනිල්ගෙත් ලග්නාධිපති ඉන්නේ එකොළොස්වැන්නේ. රනිල්ව ඡන්ද 30ක් පැරදිලාවත් එළවගන්න බැරි වුණානේ විපක්ෂ නායකකමෙන්.
ප්‍රශ්නය
මිනිස්සුන්ට එපාම වෙලා හිටපු පක්ෂයක් දැන් අන්තිම බින්දුවෙම ඉඳලා මේ වගේ කෙටි කාලයකදී අර එපාම කරපු රාජපක්ෂ පවුලේ එපාම කරපු පුතෙක් වෙච්ච නාමල් මෙච්චර ඉක්මනට නැගිට්ටා නේ? එතකොට ඒ නාමල් රාජපක්ෂගේ කේන්දරේ එහෙම දෙයක් තිබුණාද? නැත්නම් මිනිස්සු බොරු කිව්වාද? එහෙම වංචා දූෂණ රාජපක්ෂලා කරලා නැද්ද?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

කෙනෙකුට මේ වර්තමාන මොහොතේ හරියට කළමනාකරණයක් කළොත් කේන්දරේ මොකක් තිබුණත් තමන්ගේ දෛවය සෑහෙන්න වෙනස් කරගන්න පුළුවන්. දැන් අපිට පේන්නේ නාමල් මේ වෙලාවේ හොඳ පර්සනල් ටේ්‍රනර් කෙනෙක්ගේ සහාය ගන්නවා කියලා. නාමල් අපි දකිනවා ඒ කියන්නේ මනෝ විද්‍යාත්මකව හොඳ පුහුණුවකින් මේ වෙලාවේ වැඩ කරනවා කියලා. මම නාමල්ගේ වැඩසටහනක් ඇහුවා 2015 2016 කාලේ. ඒක ගොඩක් අය අහලා නැතුව ඇති. ඒ වැඩසටහනේ නාමල් ඉතාම හොඳින් කතා කළා.
ප්‍රශ්නය
මම නම් පිළිගන්නේ 2024 ජනාධිපතිවරණය පරදින බව දැන දැන නාමල් ඉල්ලපු එක තමයි ජයග්‍රහණය?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

ඔව්. ඒ ගෞරවය යන්න ඕනේ.
ප්‍රශ්නය
මිනිස්සු උපකල්පනයක් කරන්න පුළුවන් ඊළඟ ජනාධිපති නාමල් වෙයි කියලා. 2029 ඡන්දයක් තිබ්බොත් මේ ඡන්දෙට වර්තමාන ජනාධිපති අනුර කුමාර මැතිතුමා, නාමල් රාජපක්ෂ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, දිලිත් ජයවීර මැතිතුමා ඉදිරිපත් වුණා කියලා අපි හිතමු. මේ හතර දෙනාගෙන් කවුරු දිනයිද?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

ඔය කියපු තුන් දෙනාගෙන් ඉතා බලවත්ම කේන්දරය ස්ථිරවම තියෙන්නේ අනුර කුමාර දිසානායකට. ඒක ආයෙ බලන්න දෙයක් නෑ. පැහැදිලිවම අනුර කුමාර දිසානායකට. සිංහ ලග්න කේන්දරයේ රවි ඉන්නේ අටේ. ඇත්තටම රාජපක්ෂ පවුලේ දෙන්නෙක් ඉන්නවා රවි අටේ ඉන්න. කාගේ හරි කේන්දරයක මේ රවි අටේ ඉන්නවා නම් ඒක ඇත්තටම පියාට ඉතාම අහිතකර යෝගයක්. ඇතැම් විට පියා මියයන්න පුළුවන්, මියනොගියත් පියාගේ පිරිහීමට, පහත වැටීමට බලපාන යෝගයක් ඒක. කාගේ හරි කේන්දරේක රවි අටේ ඉන්නවා නම් කවදාවත් එයාගේ තාත්තාට ඒක උඩට යන්න උදව් වෙන්නේ නෑ. එතකොට රාජපක්ෂ පවුලේ පුතාලා දෙන්නෙක් ඉන්නවා රවි අටේ ඉන්න. ඒ කාලෙත් වැඩිය බැන්නේ මහින්දට නෙමෙයි. මහින්දගේ ළමයි තුන් දෙනාටයි ඔය වටේ ඉන්න සෙට් එකටයි.

නාමල් දැන් ලොකු තත්ත්වයක ඉන්නවා. ඒ කියන්නේ දේශපාලනය කතාබහ කිරීම හැසිරීම ඔක්කොම බැලන්ස් කරන එක දැන් හොඳ තත්ත්වයක තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ නායකත්වයේ සෙවණැල්ලක් නාමල්ගේ මම දකිනවා මේ වෙලාවේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් 25ක් විතර හිටපු සජිත්ට වඩා කුසලතා ටිකක් නාමල් හදාගෙන තියෙනවා. ඇත්තටම සජිත් ඒක ගන්න ඕනේ වෙන විදිහකට. ඒ කියන්නේ සජිත් බලන්න ඕනේ ඇයි තමන් මේ විදිහේ පහළ වැටීමක් වුණේ කියන එක. එතකොට අනුර කුමාරට ඇත්තටම අභියෝගයක් දෙනවා නම් කොහොම කළත් නාමල්ට වඩා හැකියාව පොසිබිලිටි තියෙන්නෙ සජිත්ට නේ. දැන් සජිත්ට රාජපක්ෂලාට වගේ සමාජ විරෝධයක් නෑනේ.
මම පෞද්ගලිකව දන්න සමහර තොරතුරු අනුව ඇත්තටම නාමල්ගේ ටාගට් එක තියෙන්නේ 2029 නෙමෙයි 2035. 2029 ඡන්දයක් තිබ්බොත් ඔබ කිව්වා වගේ…
ප්‍රශ්නය
ඔබ, තිබ්බොත් තිබ්බොත් කියනවා. මම අහන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහයිනේ ඉතින් 2029 ඡන්දය තියෙන්න එපැයි. නැත්නම් මොකක්ද තියෙන්නේ විකල්පය?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

විකල්පය තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා ඒක කන්වර්ට් කරනවා විධායක අග්‍රාමාත්‍ය ධුරයකට. කන්වර්ට් කරලා අනුරව පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනුරව අග්‍රාමාත්‍යවරයා කරලා මේ ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව දික් කරගන්නවා අවුරුදු පහකට.
ප්‍රශ්නය
ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණට උපදෙස් දෙනවාද?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

ජේ.වී.පී එකට මේ මම මේ දෙන්නේ හින්ට් එකක්. ඒක ගන්නවාද නැද්ද කියලා ඒක ඒගොල්ලන්ගේ වැඩක්. හැබැයි ඇත්ත කතාව නීත්‍යනුකූලව පසුබිම ගත්තාම ඉතින් ඕක කරන්න පුළුවන්. කිසිම නීති විරෝධීතාවක් නෑ. ජේ.ආර්. මේක කළා.
ප්‍රශ්නය
මම අහන්නේ ඕක සදාචාරාත්මකද?

සදාචාරාත්මකද කියලා කියන්නේ මෙහෙමයි. මිනිස්සු බලය දුන්නේ අවුරුදු පහකට. ඒකනේ ජනමත විචාරණයකුත් තියෙන්නේ. සදාචාරාත්මක නෑ කියලා කාටහරි හිතෙනවා නම් ජනමත විචාරණයේදී පරද්දන්න පුළුවන්.
ප්‍රශ්නය
ඔබතුමා හිතනවාද 2026දී සාමකාමීව රට මේ විදියටම යනවාද නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද? අරගලයක් එනවාද?
ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

ගෝඨාභය එනකොටත් කට්ටිය රත්තරන් වැහි වහීවි කියලා මාර බලාපොරොත්තුවක් තියන් හිටියනේ. ‘අපේ සර් ආවොත් ලේසි වෙන්නේ නැහැ’ කියලා. එතකොට මම එදාත් කිව්වනේ ඇත්තටම ගෝඨාභයටම මේක කලකිරෙනවා කියලා. එතකොට මේ ආණ්ඩුව ගැනත් මම කිව්වා කට්ටිය මාර හීන තියන් හිටියට, 94 චන්ද්‍රිකා ඇවිල්ලා වෙච්ච දේට වඩා වෙනස් දෙයක්, මාර මැජික් එකක් වෙන්නේ නැහැ මේගොල්ලෝ ආවාට කියලා. ඒක තමයි මම දැන් කියන්නෙත්. එතකොට ඇත්තටම මේ 94ම තමයි වෙන විදිහකට රිපීට් වෙන්නේ. ඉතින් ඒ නිසා මාර දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එකේ තේරුමක් නැහැ.

සමහර හොඳ දේවල් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට සන්නස්ගල පවා කියනවා ඔය හොරකම් වගේ ඒවා සම්බන්ධයෙන් විශේෂයෙන් පහළ ස්ථරය දක්වාම යම් අවම වීමක් තියෙනවා කියලා. ඒක නැහැ කියන්න බැහැ.

හැබැයි මට තියෙන ලොකුම බය අනුර කුමාර තව අවුරුදු දෙකක් විතර යද්දී මහින්දට වඩා ආගමික වෙයිද කියන එක. හේතුව කියන්නම්. මහින්ද වටේ හිටියට හාමුදුරුවෝ සෙට් එකක්, ඒ අයට අඩුගානේ ඇකඩමික් කොලිෆිකේෂන් තිබුණා. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ගත්තොත් උන්වහන්සේගේ භාවිතාව ගැන අපිට ප්‍රශ්න තිබුණාට උන්වහන්සේ මහාචාර්යවරයෙක්, සුදුසුකම් තියෙනවා. ඉඳුරාගාරේ හාමුදුරුවන්ගේ භාවිතාවට මම විරුද්ධ වුණාට උන්වහන්සේ මහාචාර්ය. ඒ කියන්නේ මහින්ද වටේ හිටපු අය මහාචාර්යවරු.
හැබැයි අනුර කුමාර වටේ ඉන්නේ කවුද? කාගම සිරිනන්ද… රාජාංගණේ… අර ජනප්‍රිය ඉංග්‍රීසි කියමනක් තියෙනවා ‘ඔබගේ යාළුවෝ ගැන මට කියන්න, මම ඔයා ගැන එතකොට කියන්නම්’ කියලා. දැන් අර කාගම සිරිනන්ද බලන්න අනුර කුමාරව ගෙනල්ලා මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව විවෘත කරන ගමන් උන්වහන්සේ කියනවා සත්තු මරන්න කියලා. උන්වහන්සේගේ පොල් ගස් සීයක් කෑවලු අලි. ඒ කියන්නේ බලද්දී කාගම සිරිනන්ද භික්ෂුවක් නෙමෙයි පොල් වගාකරුවෙක්. අලි කාපු හින්දා උන්වහන්සේ කියනවා මෛත්‍රී බෝධිසත්ව පිළිමය විවෘත කරන ගමන් ජනාධිපති තියාගෙන අලි මරන්න කියලා. නොකියා කිව්වේ ඒක. ඉතින් ඒ වගේ අය තමයි මහා සංඝරත්නය කියලා හිතාගෙන අනුරට උපදෙස් දෙන්නේ, එහෙම අවුලක් තියෙනවා.

අනිත් එක පළමු වතාවට අනවශ්‍ය වෙලාවක දළදා ප්‍රදර්ශනයක් තිබ්බේ තක්කඩි වැඩක් අනුරලා කළේ. දළදා ප්‍රදර්ශනයක් තියන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. එක්කෝ රටේ නියඟයක් වගේ තියෙන ස්වභාවික විපතක් තියෙන වෙලාවක ඉස්සර දළදා ප්‍රදර්ශනයක් තියලා තියෙනවා. නැත්නම් මේක වෙසක් පෝයට තියන්න තිබුණා. පුද්ගලයා මත නෙමෙයි යමක් හරිද වැරදිද කියන එක තීරණය වෙන්නේ ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය මත.

පහත පළවන්නේ ජ්‍යොතිෂවේදී නුමින්ද ශාන්තසිරි ද සිල්වා මහතා සමග හෙළ රහස් යූටියුබ් නාලිකාව, රටේ ඉදිරි දේශපාලන නායකත්වය සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංවාදයෙන් උපුටාගත් කොටසකි.
ප්‍රශ්නය

සජිත් ප්‍රේමදාස මහත්මයා, නාමල් රාජපක්ෂ මහත්මයා, අනුර කුමාර දිසානායක මහත්මයා. එතකොට මේ කේන්දර තුනෙන් මේ තුන්දෙනාම මේ ජනාධිපතිවරණයට 2029 ඉදිරිපත් වුණොත් තියෙන ග්‍රහ සටහන් අනුව කාටද වැඩි වාසිය තියෙන්නේ?
ජ්‍යොතිෂවේදී නුමින්ද ශාන්තසිරි ද සිල්වා
මම මෙහෙම කතාවක් කියන්නම් රොෂාන්. දැන් අපි ගමුකෝ සජිත් ප්‍රේමදාස මහත්මයා උදාහරණයකට. සජිත් ප්‍රේමදාස මහත්මයා මොනවා වුණත් මේ රටේ විපක්ෂ නායකයානේ. විපක්ෂ නායකයා වෙන්නත් රාජ යෝගයක් තියෙන්න එපැයි. නැතුව වෙන්න බෑනේ. නාමල් රාජපක්ෂ මහත්මයා ගත්තොත් එහෙම සිංහ ලග්නයේ, එතුමාගේ කේන්දරෙත් රාජ යෝග තියෙනවා. ඒවා අවතක්සේරු කරන්න බෑ. එතකොට අනුර කුමාර දිසානායක මහත්මයාගෙත් කේන්දරේ රාජ යෝග තියෙනවා. රාජ යෝග තියෙන නිසා තමයි ඒගොල්ලෝ රාජකීය පවුල්වල ඉපදිලා මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් ඔයාටයි මටයිත් එන්න තිබ්බනේ රාජ යෝගයක්. අපි දෙන්නට එහෙම දෙයක් ඇවිල්ලා නෑනේ.

එතකොට රාජ යෝගයක් අරගෙන උපදින්නත් ඒගොල්ලෝ වාසනාව කරලා තියෙනවා. හැබැයි රාජ යෝගය තිබ්බ පමණින් රජකමට යන්නෙත් නෑ. ඒක ඵල දෙන කාලයක් තියෙනවා. ඒ වගේම තමයි රාජ යෝගය තිබ්බත් ඒක අහිමි වෙන හේතුත් තියෙනවා. අහිමි වෙන්නේ මොනවා වුණොත්ද? අපි ඒකට සුදුසු විදිහට හිටියේ නැත්නම්. අන්න ඒ නිසා තමයි කියන්නේ මේ වෙලාවේදී මේ රාජ්‍ය පාලනය ගන්න කවුරුහරි කෙනෙක් ආසා නම්… කැමැති නම්…, ඒ කැමැති එක්කෙනා කොහොමද ඉන්න ඕනේ? සංස්කෘතිය රකින්න ඕනේ, ඒ වගේම ආගම දහම විනාශ නොකරන කෙනෙක් බවට පත්වෙන්න ඕනේ.
ප්‍රශ්නය
එහෙම ඔබතුමා කියනකොට මට හිතෙනවා අනුර කුමාර පරදියි කියලා? සංස්කෘතිය රකින කතාවයි, ආගම දහම රකින කතාවයි… ආගම දහම කිව්වාම ඉතින් බුද්ධාගමත් රකින්න ඕනේ, මුස්ලිම්, ක්‍රිස්තියානි, කතෝලික ඔක්කොම රකින්න එපැයි. එතකොට ඒ කතාව ඉස්සරහට දානකොට මට හිතෙනවා ඡන්දයකට ගියොත් අඩුම ඡන්ද ප්‍රතිශතයක් අනුරට ලැබෙයි කියලා?
ජ්‍යොතිෂවේදී නුමින්ද ශාන්තසිරි ද සිල්වා

අනිවාර්යයෙන්ම. ඉතින් ඒක තමයි දැන් මම කියන්නේ, තමන් ඒ වැරැද්ද දැක්කාම වැරැද්ද හදාගන්නනේ ඕනේ.
මේ කාරණා තුන ඔහොම තියෙනකොට, දැන් ඔය තුන්දෙනාම ගත්තොත් තුන්දෙනාගෙම හොඳ ගුණත් තියෙනවා, තුන්දෙනාගෙම නරක ගුණත් තියෙනවා. ඔය කේන්දර තුනේම මම හොඳත් දන්නවා නරකත් දන්නවා. මොකද හේතුව සොබාදහම එහෙම වුණොත් ඒක ලොකු කැලඹිලි තත්ත්වයකට පත්වෙනවා. ඡන්දයක් නොතිය හිටියොත් ලොකු ලේ වැගිරීමකට යන්න පුළුවන්. ඒකට වඩා භයානක දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ නෑ එහෙම තත්ත්වයකට යයි කියලා.

නමුත් මොනවා වුණත් හැබැයි 2029 – 2030 කියන්නේ යම් තීරණාත්මක අවධියක්. මොකද හේතුව එතැනට ඊළඟ පාලනය ගන්න එක්කෙනා අනිවාර්යයෙන්ම ධර්මානුකූල කෙනෙක් විය යුතුමයි. ඒක අවධාරණය කරලා කියනවා මම, අනිවාර්යයෙන්ම ධර්මානුකූල කෙනෙක් වීම අනිවාර්යයි.

SendShareShare
Previous Post

ට්‍රම්ප් වෙනිසියුලාවට බෝම්බ ගහයි! ජනපති මදුරෝ සහ බිරිය අල්ලාගෙන රටින් පිටුවහල් කරයි! I Sri Lanka Latest News

Next Post

මතුගම සජබ සභාපති ඇතුළට දාන්න ගේම ගැහුවේ කව්ද? මන්ත්‍රී ජගත් සභාවේ ලේකම්වරියට ලොකු චෝදනාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.